ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
14 : 49

قَالَتِ الْاَعْرَابُ اٰمَنَّا ؕ— قُلْ لَّمْ تُؤْمِنُوْا وَلٰكِنْ قُوْلُوْۤا اَسْلَمْنَا وَلَمَّا یَدْخُلِ الْاِیْمَانُ فِیْ قُلُوْبِكُمْ ؕ— وَاِنْ تُطِیْعُوا اللّٰهَ وَرَسُوْلَهٗ لَا یَلِتْكُمْ مِّنْ اَعْمَالِكُمْ شَیْـًٔا ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟

ඇතැම් ගම්බද අරාබි ජනයා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණි කල්හි, ඔවුහු “සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළෙමු.” යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා විශ්වාස නො කළෙහුය. නමුත් නුඹලා, ‘අපි යටත් වූයෙමු. අවනත වූයෙමු’ යැයි පවසනු. නුඹලාගේ හදවත් තුළ දේව විශ්වාසය තවමත් ප්රවේශ වී නැත. එය ප්රවේශ වීම අපේක්ෂා කරනු ලබන්නකි. අහෝ ගම්බද අරාබිවරුනි! දේව විශ්වාසය, දැහැමි ක්රියාවන් හා තහනම් දැයින් වැළකී සිටීම යනාදී කරුණුවලදී නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිදු කුසලක් අල්ලාහ් නුඹලාට අඩු කරන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත සමාව අයැද සිටින්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය." info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
•දැහැමි ජනයා පිළිබඳ නරක ලෙස අනුමාන කිරීම පාපයකි. ඔවුන් ගැන නරක අනුමාන කරන නපුරු ජනයාගෙන් ප්රවේසම් වීම සුදුසුය. info

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
•මිනිසා එකම මූලයකින් පැවත ඒම පරම්පරාවන් පිළිබඳ උදම් ඇනීමෙන් දුරස් කරනු ඇත. info

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
•දේව විශ්වාය ප්රකාශ කළ වහාම ප්රතිපත්තියට එය අනුගත නොවන්නේය. එය හදවතින් පිළිගෙන මුවින් ප්රකාශ කොට ක්රියාදාමයන් තුළින් ක්රියා කිරීමය. info

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
•යහමඟ ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ දෑතෙහි ඇත්තකි. එය ශුද්ධවන්තයාණන්ගෙන් වූ භාග්යයකි. එහි උරුමය වෙනත් කිසිවකුට නැත. info