ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
82 : 36

اِنَّمَاۤ اَمْرُهٗۤ اِذَاۤ اَرَادَ شَیْـًٔا اَنْ یَّقُوْلَ لَهٗ كُنْ فَیَكُوْنُ ۟

නියත වශයෙන්ම අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ කරුණ නම් සැබැවින්ම ඔහු යමක් ඇති කිරීමට සිතූ විට එයට ‘කුන්’ -වනු- යැයි පැවසීම පමණි. එවිට ඔහු අභිමත කරන එම කරුණ සිදුවනු ඇත. ජීවය ලබා දීම, මරණයට පත් කිරීම යළි නැගිටුවීම හා ඒ හැර වෙනත් දෑ ද ඔහු අපේක්ෂා කරන දෑ අතරින් වේ. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من فضل الله ونعمته على الناس تذليل الأنعام لهم، وتسخيرها لمنافعهم المختلفة.
•ගොවිපල සතුන් මිනිසුන්හට යටහත් කර දී තිබීමත් ඔවුන්ගේ විවිධ ප්රයෝජනයන් සඳහා උන් ඔවුනට වසඟ කර දී තිබීමත් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදයක් මෙන්ම භාග්යයකි. info

• وفرة الأدلة العقلية على يوم القيامة وإعراض المشركين عنها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සම්බන්ධයෙන් වූ පූර්ණ බුද්ධිමය සාධක. දේව ආදේශකයින් ඒවා ප්රතික්ෂේප කර සිටීම. info

• من صفات الله تعالى أن علمه تعالى محيط بجميع مخلوقاته في جميع أحوالها، في جميع الأوقات، ويعلم ما تنقص الأرض من أجساد الأموات وما يبقى، ويعلم الغيب والشهادة.
•සැබැවින්ම අල්ලාහ්ගේ දැනුම ඔහුගේ සියලු මැවීම් මත ඒවායෙහි සියලු තත්ත්වයන් හා සියලුම වේලාවන්හි සර්වප්රකාරයෙන් ආවරණය කර තිබීම අල්ලාහ්ගේ ගුණාංගයකි. මහපොළොව හිඟ කර දමන මිය යන්නන්ගේ දේහ ගැන ද ඒ මත රැඳී සිටින ශරීර ගැන ද ඔහු මැනවින් දනියි. එමෙන්ම ගුප්ත දෑ හා දෘශ්යමාන දෑ ගැන ද ඔහු මැනවින් දනියි. info