ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
47 : 36

وَاِذَا قِیْلَ لَهُمْ اَنْفِقُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ ۙ— قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْۤا اَنُطْعِمُ مَنْ لَّوْ یَشَآءُ اللّٰهُ اَطْعَمَهٗۤ ۖۗ— اِنْ اَنْتُمْ اِلَّا فِیْ ضَلٰلٍ مُّبِیْنٍ ۟

‘අල්ලාහ් නුඹලාට පෝෂණය කළ ධනයෙන් නුඹලා දිළිඳුන් හා දුප්පතුන්ට උපකාර කරනු’යි එම මුරණ්ඩුකාරයින් හට කියනු ලැබූ විට, ඔවුන් එය හෙළා දකිමින් දෙවියන් මත විශ්වාස කළවුනට මෙසේ ප්රතිචාර දැක්වූවෝය. ‘අල්ලාහ් කවරෙකුට ආහාර සැපයීම සඳහා අභිමත කර ඇත්තේ ද ඔහුට ආහාර ඔහුම සපයනු ඇත. එවන් අයට අපි ආහාර සැපයිය යුතුද? එහෙයින් අපි ඔහුගේ අභිමතයට විරුද්ධ නොවෙමු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා පැහැදිලි වරදෙහි හා සත්යයෙන් දුරස් වී මිස නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من أساليب تربية الله لعباده أنه جعل بين أيديهم الآيات التي يستدلون بها على ما ينفعهم في دينهم ودنياهم.
•අල්ලාහ් තම ගැත්තන් පුහුණු කිරීමේ ශිල්පීය මාර්ගයක් වශයෙන් ඔවුන්ගේ දහමට, ඔවුන්ගේ මෙලොව ජීවිතයට, ඔවුනට ප්රයෝජනවත් වන දෑ සාධක වශයෙන් ගන්නා සංඥා ඔවුන් ඉදිරියේ තැබීමය. info

• الله تعالى مكَّن العباد، وأعطاهم من القوة ما يقدرون به على فعل الأمر واجتناب النهي، فإذا تركوا ما أمروا به، كان ذلك اختيارًا منهم.
•උත්තරීතර අල්ලාහ් ගැත්තන්හට පහසුකම් සලසා දී ඇත. නියෝග ක්රියාත්මක කිරීමටත් තහනම් දැයින් වැළකීමටත් හැකිවන පරිදි ඔහු ඔවුනට ශක්තිය පිරිනමා ඇත. ඔවුනට කවර කරුණක් අණ කරනු ලැබුවේ ද ඔවුන් එය අතහැර දැමුවේ නම් එය ඔවුන්ගේ තේරීමේ නිදහසය. info