ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
32 : 11

قَالُوْا یٰنُوْحُ قَدْ جَادَلْتَنَا فَاَكْثَرْتَ جِدَالَنَا فَاْتِنَا بِمَا تَعِدُنَاۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟

ඔවුහු මුරණ්ඩුකමින් හා උද්දච්ඡකමින්: “අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග වාද කරන්නෙහිය. අප ගැන විමසා බලන්නෙහිය. අප සමග වාද කිරීමත් අප ව විමර්ශනය කර බැලීමත් අධික වී ඇත. නුඹ ඇරයුම් කරන දෑහි නුඹ සත්යවාදීන් අතර වී නම් අප වෙත ප්රතිඥා කරන දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔවුන් පැවසුවෝය. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• عفة الداعية إلى الله وأنه يرجو منه الثواب وحده.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නෙකු සතු නිර්මලභාවය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගෙන් පමණක් තිළිණ බලාපොරොත්තු වෙයි. info

• حرمة طرد فقراء المؤمنين، ووجوب إكرامهم واحترامهم.
•දේව විශ්වාසී දිළිඳුන් නෙරපා හැරීමේ තහනම, ඔවුනට ගරු කිරීමේ හා ඔවුන් ගෞරවයට පත් කිරීමේ අනිවාර්යයභාවය. info

• استئثار الله تعالى وحده بعلم الغيب.
•ගුප්ත දෑ පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් සුවිශේෂී වූවකි. info

• مشروعية جدال الكفار ومناظرتهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාදය හා ඔවුන්ගේ දැක්ම ආගමානුගත කර ඇත. info