ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ - ߙߎ߬ߥߊ߯ߘߎ ߘߟߊߡߌߘߊ ߝߊ߲ߓߊ ߓߟߏ߫

ߞߐߜߍ ߝߙߍߕߍ:close

external-link copy
51 : 30

وَلَىِٕنْ اَرْسَلْنَا رِیْحًا فَرَاَوْهُ مُصْفَرًّا لَّظَلُّوْا مِنْ بَعْدِهٖ یَكْفُرُوْنَ ۟

තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ. info
التفاسير:

external-link copy
52 : 30

فَاِنَّكَ لَا تُسْمِعُ الْمَوْتٰى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ اِذَا وَلَّوْا مُدْبِرِیْنَ ۟

(නබිවරය!) එහෙයින් ඔබ මළවුන්ට සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන් පසුපස හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. info
التفاسير:

external-link copy
53 : 30

وَمَاۤ اَنْتَ بِهٰدِ الْعُمْیِ عَنْ ضَلٰلَتِهِمْ ؕ— اِنْ تُسْمِعُ اِلَّا مَنْ یُّؤْمِنُ بِاٰیٰتِنَا فَهُمْ مُّسْلِمُوْنَ ۟۠

තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැකි ය. info
التفاسير:

external-link copy
54 : 30

اَللّٰهُ الَّذِیْ خَلَقَكُمْ مِّنْ ضُؔعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضُؔعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضُؔعْفًا وَّشَیْبَةً ؕ— یَخْلُقُ مَا یَشَآءُ ۚ— وَهُوَ الْعَلِیْمُ الْقَدِیْرُ ۟

දුබලත්වයේ සිට නුඹලාව මැව්වේ ඔහු ය. අනතුරුව දුබලත්වයෙන් පසුව ඔහු ශක්තිමත් භාවයට පත් කළේ ය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසුව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේ ය. ඔහු සර්ව ඥානී ය; සර්ව බලසම්පන්න ය. info
التفاسير:

external-link copy
55 : 30

وَیَوْمَ تَقُوْمُ السَّاعَةُ یُقْسِمُ الْمُجْرِمُوْنَ ۙ۬— مَا لَبِثُوْا غَیْرَ سَاعَةٍ ؕ— كَذٰلِكَ كَانُوْا یُؤْفَكُوْنَ ۟

තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නො සිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුහු වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ. info
التفاسير:

external-link copy
56 : 30

وَقَالَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ وَالْاِیْمَانَ لَقَدْ لَبِثْتُمْ فِیْ كِتٰبِ اللّٰهِ اِلٰى یَوْمِ الْبَعْثِ ؗ— فَهٰذَا یَوْمُ الْبَعْثِ وَلٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُوْنَ ۟

තවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහු ය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවෝ පැවසූහ. info
التفاسير:

external-link copy
57 : 30

فَیَوْمَىِٕذٍ لَّا یَنْفَعُ الَّذِیْنَ ظَلَمُوْا مَعْذِرَتُهُمْ وَلَا هُمْ یُسْتَعْتَبُوْنَ ۟

එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නො ලබති. info
التفاسير:

external-link copy
58 : 30

وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِیْ هٰذَا الْقُرْاٰنِ مِنْ كُلِّ مَثَلٍ ؕ— وَلَىِٕنْ جِئْتَهُمْ بِاٰیَةٍ لَّیَقُوْلَنَّ الَّذِیْنَ كَفَرُوْۤا اِنْ اَنْتُمْ اِلَّا مُبْطِلُوْنَ ۟

තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින් ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන් ම පවසනු ඇත. info
التفاسير:

external-link copy
59 : 30

كَذٰلِكَ یَطْبَعُ اللّٰهُ عَلٰى قُلُوْبِ الَّذِیْنَ لَا یَعْلَمُوْنَ ۟

වටහා නො ගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙස ය. info
التفاسير:

external-link copy
60 : 30

فَاصْبِرْ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلَا یَسْتَخِفَّنَّكَ الَّذِیْنَ لَا یُوْقِنُوْنَ ۟۠

එහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නො කරන්නන් ඔබව සුළු කොට නොතැකිය යුතු ය. info
التفاسير: