पवित्र कुरअानको अर्थको अनुवाद - सिंहाली भाषामा पवित्र कुर्आनको संक्षिप्त व्याख्याको अनुवाद ।

external-link copy
23 : 89

وَجِایْٓءَ یَوْمَىِٕذٍ بِجَهَنَّمَ ۙ۬— یَوْمَىِٕذٍ یَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰی لَهُ الذِّكْرٰی ۟ؕ

එදින නිරය සමීපයට ගෙන එනු ලබයි. එයට දංවැල් දහසක් ඇත. සෑම දංවැලක්ම හැත්තෑ දහසක් මලක්වරු අල්ලාගෙන එය ඇද ගෙන එනු ඇත. එදින මිනිසා අල්ලාහ් වෙත සමීප වීමට අතපසු වූ කරුණු ගැන මෙනෙහි කරනු ඇත. නමුත් එදිනදී එසේ මෙනෙහි කිරීම ඔහුට කෙසේ නම් ඵල දෙනු ඇත් ද? හේතුව එය ප්රතිඵල දෙන දිනයක් මිස යහකම් කිරීමේ දිනයක් නොවන බැවිනි. info
التفاسير:
यस पृष्ठको अायतहरूका लाभहरूमध्येबाट:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
• වහලුන් නිදහක් කිරීම, දැඩි සාගින්නකින් පෙළෙන අවස්ථාවක අවශ්ය්තාවෙන් සිටින උදවියට ආහාර සැපයීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, ඉවසීම හා කරුණාව පිළිබඳ අන්යෝන්ය ලෙස උපදෙස් දීම යනාදිය ස්වර්ගයට පිවිසීමට ඉවහල් වන වැදගත් කරුණු වන්නේය. info

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
• නබිත්වයේ සාධකයක් වනුයේ දහවල් කාලයේ පැයක කාලයක් මක්කාව තුළ තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඔහුට සම්පූර්ණ අනුමැතිය ඇති බව දන්වා සිටීමය. info

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
• අල්ලාහ් වහල්බවේ මාර්ග පටු කරමින් නිදහස් බවේ මාර්ග පුළුල් කරන විට එම නිදහස් කිරීම ඔහු වෙත සමීප වීමටත්, කළ පාපයන් සඳහා ප්රතිකර්මයක් වීමටත් හේතුන් බවට එය පත් කරනු ඇත. info