വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
56 : 40

اِنَّ الَّذِیْنَ یُجَادِلُوْنَ فِیْۤ اٰیٰتِ اللّٰهِ بِغَیْرِ سُلْطٰنٍ اَتٰىهُمْ ۙ— اِنْ فِیْ صُدُوْرِهِمْ اِلَّا كِبْرٌ مَّا هُمْ بِبَالِغِیْهِ ۚ— فَاسْتَعِذْ بِاللّٰهِ ؕ— اِنَّهٗ هُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟

අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි. info

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත. info

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම. info

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි. info