വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം അൽ മുഖ്തസ്വർ ഫീ തഫ്സീറിൽ ഖുർആനിൽ കരീം.

අල් හුමසා

സൂറത്തിൻ്റെ ഉദ്ദേശ്യങ്ങളിൽ പെട്ടതാണ്:
التحذير من الاستهزاء بالمؤمنين اغترارًا بكثرة المال.
අධික සම්පතට රැවටෙමින් දේවත්වය විශ්වාස කරන්නන් හෑල්ලුවට ලක් කිරීම ගැන අනතුරු ඇඟවීම. info

external-link copy
1 : 104

وَیْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةِ ۟ۙ

මිනිසුන්ට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත. info
التفاسير:

external-link copy
2 : 104

١لَّذِیْ جَمَعَ مَالًا وَّعَدَّدَهٗ ۟ۙ

ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත. info
التفاسير:

external-link copy
3 : 104

یَحْسَبُ اَنَّ مَالَهٗۤ اَخْلَدَهٗ ۟ۚ

නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි. info
التفاسير:

external-link copy
4 : 104

كَلَّا لَیُنْۢبَذَنَّ فِی الْحُطَمَةِ ۟ؗۖ

මෙම අධමයා රූපණය කරන්නාක් මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ. info
التفاسير:

external-link copy
5 : 104

وَمَاۤ اَدْرٰىكَ مَا الْحُطَمَةُ ۟ؕ

අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද? info
التفاسير:

external-link copy
6 : 104

نَارُ اللّٰهِ الْمُوْقَدَةُ ۟ۙ

සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය. info
التفاسير:

external-link copy
7 : 104

الَّتِیْ تَطَّلِعُ عَلَی الْاَفْـِٕدَةِ ۟ؕ

එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා පසාරු වී යනු ඇත. info
التفاسير:

external-link copy
8 : 104

اِنَّهَا عَلَیْهِمْ مُّؤْصَدَةٌ ۟ۙ

සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත. info
التفاسير:

external-link copy
9 : 104

فِیْ عَمَدٍ مُّمَدَّدَةٍ ۟۠

ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خسران من لم يتصفوا بالإيمان وعمل الصالحات، والتواصي بالحق، والتواصي بالصبر.
• දෙවියන් විශ්වාස කිරීම, යහකම් සිදු කිරීම, සත්යය පිළිබඳ උපදෙස් දීම, උපදෙස් දීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වැනි ගුණංගවලින් ඉවත් වූ අයට සිදු වූ පාඩුව හා අලාභය. info

• تحريم الهَمْز واللَّمْز في الناس.
• ජනයා අතර කේළාම් කියමින් අපහාස කරමින් සැරිසැරීමේ තහනම. info

• دفاع الله عن بيته الحرام، وهذا من الأمن الذي قضاه الله له.
• අල්ලාහ්ගේ පාරිශුද්ධ නිවස ඔහු විසින් ආරක්ෂා කිරීම, එය අල්ලාහ් විසින් එයට තීන්දු කර තිබූ ආරක්ෂාවයි. info