വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

අල් ඉන්ෆිතාර්

external-link copy
1 : 82

اِذَا السَّمَآءُ انْفَطَرَتْ ۟ۙ

අහස පිපිරී වෙන්ව ගිය විට, info
التفاسير:

external-link copy
2 : 82

وَاِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ ۟ۙ

තවද තාරුකා වැටී විසිරී ගිය විට, info
التفاسير:

external-link copy
3 : 82

وَاِذَا الْبِحَارُ فُجِّرَتْ ۟ۙ

තවද සමුද්‍රයන් පුපුරා යන විට, info
التفاسير:

external-link copy
4 : 82

وَاِذَا الْقُبُوْرُ بُعْثِرَتْ ۟ۙ

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට, info
التفاسير:

external-link copy
5 : 82

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَاَخَّرَتْ ۟ؕ

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
6 : 82

یٰۤاَیُّهَا الْاِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِیْمِ ۟ۙ

අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව මුළා කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
7 : 82

الَّذِیْ خَلَقَكَ فَسَوّٰىكَ فَعَدَلَكَ ۟ۙ

ඔහු නුඹව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේ ය. info
التفاسير:

external-link copy
8 : 82

فِیْۤ اَیِّ صُوْرَةٍ مَّا شَآءَ رَكَّبَكَ ۟ؕ

කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේ ය.) info
التفاسير:

external-link copy
9 : 82

كَلَّا بَلْ تُكَذِّبُوْنَ بِالدِّیْنِ ۟ۙ

නොඑසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහු ය. info
التفاسير:

external-link copy
10 : 82

وَاِنَّ عَلَیْكُمْ لَحٰفِظِیْنَ ۟ۙ

නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති. info
التفاسير:

external-link copy
11 : 82

كِرَامًا كٰتِبِیْنَ ۟ۙ

(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති. info
التفاسير:

external-link copy
12 : 82

یَعْلَمُوْنَ مَا تَفْعَلُوْنَ ۟

ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝ ය. info
التفاسير:

external-link copy
13 : 82

اِنَّ الْاَبْرَارَ لَفِیْ نَعِیْمٍ ۟ۙ

නියත වශයෙන් ම දැහැමියන් සුව සැපයෙහි ය. info
التفاسير:

external-link copy
14 : 82

وَاِنَّ الْفُجَّارَ لَفِیْ جَحِیْمٍ ۟ۙ

තවද නියත වශයෙන් ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය. info
التفاسير:

external-link copy
15 : 82

یَّصْلَوْنَهَا یَوْمَ الدِّیْنِ ۟

විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත. info
التفاسير:

external-link copy
16 : 82

وَمَا هُمْ عَنْهَا بِغَآىِٕبِیْنَ ۟ؕ

තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟ වී සිටින්නන් නො වෙති. info
التفاسير:

external-link copy
17 : 82

وَمَاۤ اَدْرٰىكَ مَا یَوْمُ الدِّیْنِ ۟ۙ

විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
18 : 82

ثُمَّ مَاۤ اَدْرٰىكَ مَا یَوْمُ الدِّیْنِ ۟ؕ

පසුව ද විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
19 : 82

یَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَیْـًٔا ؕ— وَالْاَمْرُ یَوْمَىِٕذٍ لِّلّٰهِ ۟۠

එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නො දරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය. info
التفاسير: