വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

අල් කියාමා

external-link copy
1 : 75

لَاۤ اُقْسِمُ بِیَوْمِ الْقِیٰمَةِ ۟ۙ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි. info
التفاسير:

external-link copy
2 : 75

وَلَاۤ اُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ ۟

තවද දොස් නගන ආත්මය මත දිවුරමි. info
التفاسير:

external-link copy
3 : 75

اَیَحْسَبُ الْاِنْسَانُ اَلَّنْ نَّجْمَعَ عِظَامَهٗ ۟ؕ

ඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද? info
التفاسير:

external-link copy
4 : 75

بَلٰى قٰدِرِیْنَ عَلٰۤی اَنْ نُّسَوِّیَ بَنَانَهٗ ۟

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු. info
التفاسير:

external-link copy
5 : 75

بَلْ یُرِیْدُ الْاِنْسَانُ لِیَفْجُرَ اَمَامَهٗ ۟ۚ

එහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි. info
التفاسير:

external-link copy
6 : 75

یَسْـَٔلُ اَیَّانَ یَوْمُ الْقِیٰمَةِ ۟ؕ

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි. info
التفاسير:

external-link copy
7 : 75

فَاِذَا بَرِقَ الْبَصَرُ ۟ۙ

දෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට, info
التفاسير:

external-link copy
8 : 75

وَخَسَفَ الْقَمَرُ ۟ۙ

තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට, info
التفاسير:

external-link copy
9 : 75

وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ ۟ۙ

තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට, info
التفاسير:

external-link copy
10 : 75

یَقُوْلُ الْاِنْسَانُ یَوْمَىِٕذٍ اَیْنَ الْمَفَرُّ ۟ۚ

පලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත. info
التفاسير:

external-link copy
11 : 75

كَلَّا لَا وَزَرَ ۟ؕ

එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත. info
التفاسير:

external-link copy
12 : 75

اِلٰى رَبِّكَ یَوْمَىِٕذِ ١لْمُسْتَقَرُّ ۟ؕ

එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි. info
التفاسير:

external-link copy
13 : 75

یُنَبَّؤُا الْاِنْسَانُ یَوْمَىِٕذٍ بِمَا قَدَّمَ وَاَخَّرَ ۟ؕ

ඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ. info
التفاسير:

external-link copy
14 : 75

بَلِ الْاِنْسَانُ عَلٰی نَفْسِهٖ بَصِیْرَةٌ ۟ۙ

එසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය. info
التفاسير:

external-link copy
15 : 75

وَّلَوْ اَلْقٰى مَعَاذِیْرَهٗ ۟ؕ

ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද. info
التفاسير:

external-link copy
16 : 75

لَا تُحَرِّكْ بِهٖ لِسَانَكَ لِتَعْجَلَ بِهٖ ۟ؕ

එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු. info
التفاسير:

external-link copy
17 : 75

اِنَّ عَلَیْنَا جَمْعَهٗ وَقُرْاٰنَهٗ ۟ۚۖ

එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි. info
التفاسير:

external-link copy
18 : 75

فَاِذَا قَرَاْنٰهُ فَاتَّبِعْ قُرْاٰنَهٗ ۟ۚ

එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු. info
التفاسير:

external-link copy
19 : 75

ثُمَّ اِنَّ عَلَیْنَا بَیَانَهٗ ۟ؕ

පසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි. info
التفاسير: