വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

പേജ് നമ്പർ:close

external-link copy
51 : 33

تُرْجِیْ مَنْ تَشَآءُ مِنْهُنَّ وَتُـْٔوِیْۤ اِلَیْكَ مَنْ تَشَآءُ ؕ— وَمَنِ ابْتَغَیْتَ مِمَّنْ عَزَلْتَ فَلَا جُنَاحَ عَلَیْكَ ؕ— ذٰلِكَ اَدْنٰۤی اَنْ تَقَرَّ اَعْیُنُهُنَّ وَلَا یَحْزَنَّ وَیَرْضَیْنَ بِمَاۤ اٰتَیْتَهُنَّ كُلُّهُنَّ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا فِیْ قُلُوْبِكُمْ ؕ— وَكَانَ اللّٰهُ عَلِیْمًا حَلِیْمًا ۟

ඔවුන් අතරින් නුඹ කැමති අය පසෙක තැබිය හැකි ය. තවද නුඹ කැමැති අය නුඹ වෙත ළං කර ගත හැකි ය. එසේ නුඹ ඉවත් කළ අය අතරින් (නැවත ගෙන්වා ගැනීමට) අපේක්ෂා කළ අය ගැන නුඹට වරදක් නැත. ඔවුන්ගේ ඇස් පිනවනු පිණිසත් ඔවුන් දුකට පත් නො වනු පිණිසත් නුඹ ඔවුන් සියල්ලට පිරිනැමූ දෑ ඔවුන් පිළිගනු පිණිසත් එය වඩාත් සමීප ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් දනී. තවද අල්ලාහ් සර්වඥානී ඉවසිලිවන්තයෙකු ය. info
التفاسير:

external-link copy
52 : 33

لَا یَحِلُّ لَكَ النِّسَآءُ مِنْ بَعْدُ وَلَاۤ اَنْ تَبَدَّلَ بِهِنَّ مِنْ اَزْوَاجٍ وَّلَوْ اَعْجَبَكَ حُسْنُهُنَّ اِلَّا مَا مَلَكَتْ یَمِیْنُكَ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ رَّقِیْبًا ۟۠

නුඹේ දකුණත හිමිකර ගත් අය හැර මින් පසුව (වෙනත්) කාන්තාවන් ඔවුන්ගේ අලංකාරය ඔබව මවිත කළ ද (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම (නබිවරය!) ඔබට අනුමත නො වේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂක ය. info
التفاسير:

external-link copy
53 : 33

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتَ النَّبِیِّ اِلَّاۤ اَنْ یُّؤْذَنَ لَكُمْ اِلٰی طَعَامٍ غَیْرَ نٰظِرِیْنَ اِنٰىهُ وَلٰكِنْ اِذَا دُعِیْتُمْ فَادْخُلُوْا فَاِذَا طَعِمْتُمْ فَانْتَشِرُوْا وَلَا مُسْتَاْنِسِیْنَ لِحَدِیْثٍ ؕ— اِنَّ ذٰلِكُمْ كَانَ یُؤْذِی النَّبِیَّ فَیَسْتَحْیٖ مِنْكُمْ ؗ— وَاللّٰهُ لَا یَسْتَحْیٖ مِنَ الْحَقِّ ؕ— وَاِذَا سَاَلْتُمُوْهُنَّ مَتَاعًا فَسْـَٔلُوْهُنَّ مِنْ وَّرَآءِ حِجَابٍ ؕ— ذٰلِكُمْ اَطْهَرُ لِقُلُوْبِكُمْ وَقُلُوْبِهِنَّ ؕ— وَمَا كَانَ لَكُمْ اَنْ تُؤْذُوْا رَسُوْلَ اللّٰهِ وَلَاۤ اَنْ تَنْكِحُوْۤا اَزْوَاجَهٗ مِنْ بَعْدِهٖۤ اَبَدًا ؕ— اِنَّ ذٰلِكُمْ كَانَ عِنْدَ اللّٰهِ عَظِیْمًا ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස්වලට ඇතුළු නො වනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නො සිටිනු. එහෙත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නො වනු. නියත වශයෙන් ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳව ලැජ්ජාවට පත් නො වෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසුව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි. info
التفاسير:

external-link copy
54 : 33

اِنْ تُبْدُوْا شَیْـًٔا اَوْ تُخْفُوْهُ فَاِنَّ اللّٰهَ كَانَ بِكُلِّ شَیْءٍ عَلِیْمًا ۟

නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය. info
التفاسير: