വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

අර් රූම්

external-link copy
1 : 30

الٓمّٓ ۟ۚ

අලිෆ්, ලාම්, මීම්. info
التفاسير:

external-link copy
2 : 30

غُلِبَتِ الرُّوْمُ ۟ۙ

රෝමය පරාජයට පත් කරනු ලැබී ය. info
التفاسير:

external-link copy
3 : 30

فِیْۤ اَدْنَی الْاَرْضِ وَهُمْ مِّنْ بَعْدِ غَلَبِهِمْ سَیَغْلِبُوْنَ ۟ۙ

රෝම රාජ්‍යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත. info
التفاسير:

external-link copy
4 : 30

فِیْ بِضْعِ سِنِیْنَ ؕ۬— لِلّٰهِ الْاَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ؕ— وَیَوْمَىِٕذٍ یَّفْرَحُ الْمُؤْمِنُوْنَ ۟ۙ

(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතු ය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති. info
التفاسير:

external-link copy
5 : 30

بِنَصْرِ اللّٰهِ ؕ— یَنْصُرُ مَنْ یَّشَآءُ ؕ— وَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟ۙ

අල්ලාහ්ගේ උදව්ව මඟින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා කරුණාවන්ත ය. info
التفاسير: