വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

අල් අන්කබූත්

external-link copy
1 : 29

الٓمّٓ ۟ۚ

අලිෆ්, ලාම්, මීම්. info
التفاسير:

external-link copy
2 : 29

اَحَسِبَ النَّاسُ اَنْ یُّتْرَكُوْۤا اَنْ یَّقُوْلُوْۤا اٰمَنَّا وَهُمْ لَا یُفْتَنُوْنَ ۟

මිනිසා තමන් පරීක්ෂාවට ලක් කරනු නො ලැබ, අපි විශ්වාස කළෙමු යැයි පැවසීමෙන් පමණක් තමන් අතහැර දමනු ලබනු ඇතැයි සිතුවේ ද? info
التفاسير:

external-link copy
3 : 29

وَلَقَدْ فَتَنَّا الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَلَیَعْلَمَنَّ اللّٰهُ الَّذِیْنَ صَدَقُوْا وَلَیَعْلَمَنَّ الْكٰذِبِیْنَ ۟

තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. එහෙයින් සත්‍යය පැවසූවන් පිළිබඳව අල්ලාහ් සැබැවින් ම දනී. තවද මුසාවාදීන් පිළිබඳව ද ඔහු සැබැවින් ම දනී. info
التفاسير:

external-link copy
4 : 29

اَمْ حَسِبَ الَّذِیْنَ یَعْمَلُوْنَ السَّیِّاٰتِ اَنْ یَّسْبِقُوْنَا ؕ— سَآءَ مَا یَحْكُمُوْنَ ۟

නපුරුකම් සිදු කරන්නන් වනාහි ඔවුහු අප අබිබවා යා හැකැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය. info
التفاسير:

external-link copy
5 : 29

مَنْ كَانَ یَرْجُوْا لِقَآءَ اللّٰهِ فَاِنَّ اَجَلَ اللّٰهِ لَاٰتٍ ؕ— وَهُوَ السَّمِیْعُ الْعَلِیْمُ ۟

කවරෙකු අල්ලාහ්ගේ හමුව අපේක්ෂා කරන්නේ ද එවිට නියත වශයෙන් ම අල්ලාහ්ගේ නියමිත කාලය පැමිණෙන්නකි. (යැයි දැන ගනු) තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය. info
التفاسير:

external-link copy
6 : 29

وَمَنْ جٰهَدَ فَاِنَّمَا یُجَاهِدُ لِنَفْسِهٖ ؕ— اِنَّ اللّٰهَ لَغَنِیٌّ عَنِ الْعٰلَمِیْنَ ۟

තවද කවරෙකු (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වෙහෙස වන්නේ ද එසේ ඔහු වෙහෙස වනුයේ ඔහු වෙනුවෙනි. නියත වශයෙන් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් අවශ්‍යතා නොමැත්තෙකි. info
التفاسير: