വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

අල් ෆුර්කාන්

external-link copy
1 : 25

تَبٰرَكَ الَّذِیْ نَزَّلَ الْفُرْقَانَ عَلٰی عَبْدِهٖ لِیَكُوْنَ لِلْعٰلَمِیْنَ نَذِیْرَا ۟ۙ

ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය. info
التفاسير:

external-link copy
2 : 25

١لَّذِیْ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ وَلَمْ یَتَّخِذْ وَلَدًا وَّلَمْ یَكُنْ لَّهٗ شَرِیْكٌ فِی الْمُلْكِ وَخَلَقَ كُلَّ شَیْءٍ فَقَدَّرَهٗ تَقْدِیْرًا ۟

ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය සතු අයයි. තවද ඔහු දරුවකු නො ගත්තේ ය. තවද එම ආධිපත්‍යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේ ය. info
التفاسير: