വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം

external-link copy
273 : 2

لِلْفُقَرَآءِ الَّذِیْنَ اُحْصِرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ لَا یَسْتَطِیْعُوْنَ ضَرْبًا فِی الْاَرْضِ ؗ— یَحْسَبُهُمُ الْجَاهِلُ اَغْنِیَآءَ مِنَ التَّعَفُّفِ ۚ— تَعْرِفُهُمْ بِسِیْمٰىهُمْ ۚ— لَا یَسْـَٔلُوْنَ النَّاسَ اِلْحَافًا ؕ— وَمَا تُنْفِقُوْا مِنْ خَیْرٍ فَاِنَّ اللّٰهَ بِهٖ عَلِیْمٌ ۟۠

(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ට ය. තැන්පත්කම නිසාවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මඟින් නුඹ ඔවුන්ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නො ඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය. info
التفاسير: