ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಅಲ್-ಮುಖ್ತಸರ್ ಫಿ ತಫ್ಸೀರಿಲ್ ಕುರ್‌ಆನಿಲ್ ಕರೀಮ್ - ಸಿಂಹಳೀ ಅನುವಾದ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
36 : 69

وَّلَا طَعَامٌ اِلَّا مِنْ غِسْلِیْنٍ ۟ۙ

නිරා වැසියන්ගේ ශරීරවලින් ගලනා සැරව හැර අනුභව කරන වෙනත් කිසිදු අහරක් ඔහුට නැත. info
التفاسير:

external-link copy
37 : 69

لَّا یَاْكُلُهٗۤ اِلَّا الْخَاطِـُٔوْنَ ۟۠

පාපකම් හා වැරදි කළ ජනයා මිස වෙනත් කිසිවකු එම ආහාර අනුභව කරන්නේ නැත. info
التفاسير:

external-link copy
38 : 69

فَلَاۤ اُقْسِمُ بِمَا تُبْصِرُوْنَ ۟ۙ

නුඹලා දෑසින් දකින දෑ මත අල්ලාහ් දිවුරා සිටියි. info
التفاسير:

external-link copy
39 : 69

وَمَا لَا تُبْصِرُوْنَ ۟ۙ

එමෙන්ම නුඹලා දෑසින් නොදකින දෑ මත ද දිවුරා සිටියි. info
التفاسير:

external-link copy
40 : 69

اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۚۙ

සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගේ වදනයි. ඔහුගේ ගෞරවයනීය දූතයා එය ජනයාට කියවා පෙන්වයි. info
التفاسير:

external-link copy
41 : 69

وَّمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ؕ— قَلِیْلًا مَّا تُؤْمِنُوْنَ ۟ۙ

එය කවියෙකුගේ ප්රකාශයක් නොවේ. හේතුව එයට කවියක පෙළගැස්මක් නැති බැවිනි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයක් පමණි. info
التفاسير:

external-link copy
42 : 69

وَلَا بِقَوْلِ كَاهِنٍ ؕ— قَلِیْلًا مَّا تَذَكَّرُوْنَ ۟ؕ

එය හූනියම් කරුවකුගේ ප්රකාශයක් ද නොවේ. හූනියම් කරුවන්ගේ ප්රකාශය මෙම කුර්ආනයට අතිශයින් වෙනස් කරුණකි. නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි. info
التفاسير:

external-link copy
43 : 69

تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟

එනමුත් එය සියලුම මැවීම් හි පරමාධිපතිගෙන් පහළ වූවකි. info
التفاسير:

external-link copy
44 : 69

وَلَوْ تَقَوَّلَ عَلَیْنَا بَعْضَ الْاَقَاوِیْلِ ۟ۙ

අප සඳහන් නොකළා වූ ඇතැම් ප්රකාශ මුහම්මද් අප මත ගොතා පැවසුවේ නම්, info
التفاسير:

external-link copy
45 : 69

لَاَخَذْنَا مِنْهُ بِالْیَمِیْنِ ۟ۙ

ඔහුට අපි සමසේ ප්රතිචාර දක්වමු. ඉතා තදින් හා බලවත් ලෙස අපි ඔහුව ග්රහණය කරන්නෙමු. info
التفاسير:

external-link copy
46 : 69

ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِیْنَ ۟ؗۖ

පසුව අපි හදවත හා බැඳී පවතින නහර ඔහුගෙන් කපා හරින්නෙමු. info
التفاسير:

external-link copy
47 : 69

فَمَا مِنْكُمْ مِّنْ اَحَدٍ عَنْهُ حٰجِزِیْنَ ۟

ඔහු සම්බන්ධයෙන් අප ව වළක්වන කිසිවකු නුඹලා අතර නොසිටිනු ඇත. නුඹලා හේතු කර ගනිමින් අප මත ප්රබන්ධයන් ගොතා පැවසීම ඉතා දුරස් විය. info
التفاسير:

external-link copy
48 : 69

وَاِنَّهٗ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِیْنَ ۟

ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින්, ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින්, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරනුන් හට සැබැවින්ම අල් කුර්ආනය උපදෙසකි. info
التفاسير:

external-link copy
49 : 69

وَاِنَّا لَنَعْلَمُ اَنَّ مِنْكُمْ مُّكَذِّبِیْنَ ۟

නුඹලා අතර අල් කුර්ආනය බොරු කරන මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු. info
التفاسير:

external-link copy
50 : 69

وَاِنَّهٗ لَحَسْرَةٌ عَلَی الْكٰفِرِیْنَ ۟

සැබැවින්ම අල් කුර්ආනය බොරු කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පසු තැවීමට ලක් කෙරේ. info
التفاسير:

external-link copy
51 : 69

وَاِنَّهٗ لَحَقُّ الْیَقِیْنِ ۟

සැබැවින්ම අල් කුර්ආනය සැබෑ යථාර්ථයකි. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවට කිසිදු සැකයක් හෝ කිසිදු කුතුහලයක් හෝ නැත. info
التفاسير:

external-link copy
52 : 69

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠

අහෝ දූතය, ඔබේ පරමාධිපතිට නොඈදුණු දැයින් ඔහුව පිවිතුරු කරනු. එමෙන්ම ඔබේ සර්වබලධාරී පරමාධිපතිගේ නාමය මෙනෙහි කරනු. info
التفاسير:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• تنزيه القرآن عن الشعر والكهانة.
•අල් කුර්ආනය කවි හා හූනියමින් තොර වූවක් බව පවසා පිවිතුරු කරයි. info

• خطر التَّقَوُّل على الله والافتراء عليه سبحانه.
•සුවිශුද්ධ වූ අල්ලාහ් කෙරෙහි පද ගෙතීමේ හා ප්රබන්ධයන් පැවසීමේ වරද පෙන්වාදීම. info

• الصبر الجميل الذي يحتسب فيه الأجر من الله ولا يُشكى لغيره.
•අල්ලාහ්ගෙන් වූ ප්රතිඵල අපේක්ෂා කරන, වෙනත් කිසිවකුට පැමිණිලි නො කරන අලංකාර ඉවසීම. info