ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - ಸಿಂಹಳೀ ಅನುವಾದ - ರುವ್ವಾದ್ ಭಾಷಾಂತರ ಕೇಂದ್ರ

ಪುಟ ಸಂಖ್ಯೆ:close

external-link copy
7 : 51

وَالسَّمَآءِ ذَاتِ الْحُبُكِ ۟ۙ

මාර්ගවලින් යුත් අහස මත දිවුරමින්; info
التفاسير:

external-link copy
8 : 51

اِنَّكُمْ لَفِیْ قَوْلٍ مُّخْتَلِفٍ ۟ۙ

නියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය. info
التفاسير:

external-link copy
9 : 51

یُّؤْفَكُ عَنْهُ مَنْ اُفِكَ ۟ؕ

හරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති. info
التفاسير:

external-link copy
10 : 51

قُتِلَ الْخَرّٰصُوْنَ ۟ۙ

බොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
11 : 51

الَّذِیْنَ هُمْ فِیْ غَمْرَةٍ سَاهُوْنَ ۟ۙ

ඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති. info
التفاسير:

external-link copy
12 : 51

یَسْـَٔلُوْنَ اَیَّانَ یَوْمُ الدِّیْنِ ۟ؕ

විනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති. info
التفاسير:

external-link copy
13 : 51

یَوْمَ هُمْ عَلَی النَّارِ یُفْتَنُوْنَ ۟

එදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති. info
التفاسير:

external-link copy
14 : 51

ذُوْقُوْا فِتْنَتَكُمْ ؕ— هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟

කවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු. info
التفاسير:

external-link copy
15 : 51

اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّعُیُوْنٍ ۟ۙ

නියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය. info
التفاسير:

external-link copy
16 : 51

اٰخِذِیْنَ مَاۤ اٰتٰىهُمْ رَبُّهُمْ ؕ— اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُحْسِنِیْنَ ۟ؕ

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය. info
التفاسير:

external-link copy
17 : 51

كَانُوْا قَلِیْلًا مِّنَ الَّیْلِ مَا یَهْجَعُوْنَ ۟

ඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ. info
التفاسير:

external-link copy
18 : 51

وَبِالْاَسْحَارِ هُمْ یَسْتَغْفِرُوْنَ ۟

තවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති. info
التفاسير:

external-link copy
19 : 51

وَفِیْۤ اَمْوَالِهِمْ حَقٌّ لِّلسَّآىِٕلِ وَالْمَحْرُوْمِ ۟

තවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය. info
التفاسير:

external-link copy
20 : 51

وَفِی الْاَرْضِ اٰیٰتٌ لِّلْمُوْقِنِیْنَ ۟ۙ

තවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත. info
التفاسير:

external-link copy
21 : 51

وَفِیْۤ اَنْفُسِكُمْ ؕ— اَفَلَا تُبْصِرُوْنَ ۟

තවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද? info
التفاسير:

external-link copy
22 : 51

وَفِی السَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوْعَدُوْنَ ۟

තවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත. info
التفاسير:

external-link copy
23 : 51

فَوَرَبِّ السَّمَآءِ وَالْاَرْضِ اِنَّهٗ لَحَقٌّ مِّثْلَ مَاۤ اَنَّكُمْ تَنْطِقُوْنَ ۟۠

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය. info
التفاسير:

external-link copy
24 : 51

هَلْ اَتٰىكَ حَدِیْثُ ضَیْفِ اِبْرٰهِیْمَ الْمُكْرَمِیْنَ ۟ۘ

ඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද? info
التفاسير:

external-link copy
25 : 51

اِذْ دَخَلُوْا عَلَیْهِ فَقَالُوْا سَلٰمًا ؕ— قَالَ سَلٰمٌ ۚ— قَوْمٌ مُّنْكَرُوْنَ ۟

ඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝ ය. ඔහු ද සලාම් (සාමයයි) පැවසී ය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේ ය.) info
التفاسير:

external-link copy
26 : 51

فَرَاغَ اِلٰۤی اَهْلِهٖ فَجَآءَ بِعِجْلٍ سَمِیْنٍ ۟ۙ

එසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේ ය. info
التفاسير:

external-link copy
27 : 51

فَقَرَّبَهٗۤ اِلَیْهِمْ قَالَ اَلَا تَاْكُلُوْنَ ۟ؗ

ඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය. info
التفاسير:

external-link copy
28 : 51

فَاَوْجَسَ مِنْهُمْ خِیْفَةً ؕ— قَالُوْا لَا تَخَفْ ؕ— وَبَشَّرُوْهُ بِغُلٰمٍ عَلِیْمٍ ۟

ඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නො වනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ. info
التفاسير:

external-link copy
29 : 51

فَاَقْبَلَتِ امْرَاَتُهٗ فِیْ صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوْزٌ عَقِیْمٌ ۟

එවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවා ය. info
التفاسير:

external-link copy
30 : 51

قَالُوْا كَذٰلِكِ ۙ— قَالَ رَبُّكِ ؕ— اِنَّهٗ هُوَ الْحَكِیْمُ الْعَلِیْمُ ۟

“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙස ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත ය.” යැයි ඔවුහු පැවසූහ. info
التفاسير: