ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

අල් ලෙය්ල්

គោល​បំណងនៃជំពូក:
بيان أحوال الخلق في الإيمان والإنفاق وحال كل فريق.
දේව විශ්වාසයේ හා වියදම් කිරීමේදී මැවීම් තුළ පවතින තත්ත්වයන් හා සෑම කණ්ඩායමකම තත්ත්වය පැහැදිලි කිරීම. info

external-link copy
1 : 92

وَالَّیْلِ اِذَا یَغْشٰی ۟ۙ

අහස හා පොළොව අතර ඇති දෑ රාත්රී අන්ධකාරයෙන් ආවරණය කරන විට අල්ලාහ් ඒ මත දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
2 : 92

وَالنَّهَارِ اِذَا تَجَلّٰی ۟ۙ

දහවල නිරාවරණය වී හෙළිවන විට ඒ මත දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
3 : 92

وَمَا خَلَقَ الذَّكَرَ وَالْاُ ۟ۙ

ස්ත්රී හා පුරුෂ යන දෙවර්ගය මතද දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
4 : 92

اِنَّ سَعْیَكُمْ لَشَتّٰی ۟ؕ

අහෝ මිනිසාණෙනි! සැබැවින්ම නුඹලාගේ ක්රියාවන් විවිධය. ඒවා අතර ස්වර්ගයට පිවිසීමට හේතුවන යහකම් ද ඇත. එමෙන්ම නිරයට පිවිසීමට හේතුවන පාපකම්ද ඇත. info
التفاسير:

external-link copy
5 : 92

فَاَمَّا مَنْ اَعْطٰی وَاتَّقٰی ۟ۙ

එහෙයින් සකාත්, නඩත්තු වියදම්, වන්දි වැනි වියදම් කිරීමට අනිවාර්ය දෑ පිරිනමමින් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටින අය වනාහි, info
التفاسير:

external-link copy
6 : 92

وَصَدَّقَ بِالْحُسْنٰی ۟ۙ

එමෙන්ම, පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ සැබෑවක් බව පවසා සිටි අය වනාහි, info
التفاسير:

external-link copy
7 : 92

فَسَنُیَسِّرُهٗ لِلْیُسْرٰی ۟ؕ

දැහැමි කටයුතු කිරීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමටත් අපි ඔහුට පහසු කරන්නෙමු. info
التفاسير:

external-link copy
8 : 92

وَاَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنٰی ۟ۙ

මසුරුකම්පා තම ධනය වියදම් කිරීමට අනිවාර්ය වන කටයුතු සඳහා වියදම් නොකොට එම ධනය හේතුවෙන් අල්ලාහ් අවශ්ය නොවන බව සිතා ඔහුගෙන් කිසිදු භාග්යයක් ඉල්ලා නොසිටින අය වනාහි, info
التفاسير:

external-link copy
9 : 92

وَكَذَّبَ بِالْحُسْنٰی ۟ۙ

එමෙන්ම පසුවට ලබා දෙන බවට අල්ලාහ් පොරොන්දු වූ දෑ ගැන ද අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම හේතුවෙන් පිරිනැමෙන කුසල් ගැන ද බොරු යැයි පවසා සිටි අය වනාහි, info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية تزكية النفس وتطهيرها.
චිත්ත පාරිශුද්ධිය හා සිත පිවිතුරු කර ගැනීමේ වැදගත්කම. info

• المتعاونون على المعصية شركاء في الإثم.
• පාපකම්වලට සහය දෙන්නෝ එම පාපයේ හවුල්කරුවෝ වෙති. info

• الذنوب سبب للعقوبات الدنيوية.
• පාපකම් සිදු කිරීම මෙලොව දඬුවම් ලැබීමට හේතු වේ. info

• كلٌّ ميسر لما خلق له فمنهم مطيع ومنهم عاصٍ.
• කුමන අරමුණක් සදහා මැව්වේද ඒ දේ සඳහා සියල්ල පහසු කර දී ඇත. ඒ අනුව ඔවුන් අතර අවනත වන්නන් හා පාපතරයින් සිටී. info