ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

අන් නාසිආත්

គោល​បំណងនៃជំពូក:
التذكير بالله واليوم الآخر.
අවසන් දිනය සහ අල්ලාහ් පිළිබඳ සිහි කැඳවීම. info

external-link copy
1 : 79

وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ

කෲර හා දැඩි ලෙස දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ගේ ප්රාණ ගලවා ගන්නා මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත අල්ලාහ් දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
2 : 79

وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ

දෙවියන් මත විශ්වාසය තැබූවන්ගේ ප්රාණ පහසුවෙන් හා සැහැල්ලුවෙන් ශරීරයෙන් මුදා හරින මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත ද අල්ලාහ් දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
3 : 79

وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ

අහසේ සිට මිහිතලයට අල්ලාහ්ගේ නියෝග රැගෙන පාවෙමින් පැමිණෙන මලක්වරුන් මත අල්ලාහ් දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
4 : 79

فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ

අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීමෙහිලා ඇතැමුන් පසුකරමින් තරඟ වැද ඉදිරියට යන මලක්වරුන් මත දිවුරා පවසයි. info
التفاسير:

external-link copy
5 : 79

فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ

දේව ගැත්තන්ගේ කටයුතු සඳහා භාරකාරත්වය පිරිනැමූ මලක්වරුන් මෙන්, තම කටයුතු ඉටු කිරීම සඳහා අල්ලාහ් ඔවුන් හට නියෝග කළ කරුණු ක්රියාත්මක කරන මලක්වරුන් මත ද අල්ලාහ් දිවුරා ඇත. සැබැවින්ම ඔවුන් විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා නැවත නැගිටුවනු ලබන බව මෙම දිවුරුම් හරහා තරයේ පවසා සිටින්නේය. info
التفاسير:

external-link copy
6 : 79

یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ

පළමුවරට හොරණෑව පිඹිනු ලබන විට මහපොළොව කම්පනය වෙයි. info
التفاسير:

external-link copy
7 : 79

تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ

ඒ සමඟම ඊට පසු ව දෙවන පිඹුමද ක්රියාත්මක වෙයි. info
التفاسير:

external-link copy
8 : 79

قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ

එදින දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ හා පාපතර කලහකාරීන්ගේ හදවත් බියෙන් පසුවෙයි. info
التفاسير:

external-link copy
9 : 79

اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ

අවමානයේ සලකුණු ඔවුන්ගේ බැල්ම තුළින් හෙළි වේ. info
التفاسير:

external-link copy
10 : 79

یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ

අප මිය ගිය පසු නැවත ජීවිතයක් ලබන්නෙමු දැයි ඔවුන් විමසමින් සිටිනු ඇත. info
التفاسير:

external-link copy
11 : 79

ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ

අපගේ අස්ථි දිරා ගොස් ශූන්ය වූ පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?! info
التفاسير:

external-link copy
12 : 79

قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ

"අපි එසේ යළි නැගිටුවනු ලබන්නේ නම් එය ඉමහත් පාඩුවකි. මහා අපරාධයකි" යැයි ඔවුන් පවසා සිටිනු ඇත. info
التفاسير:

external-link copy
13 : 79

فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ

නැවත නැගිටුවනු ලැබීමේ ක්රියාවලිය පහසුය. එය පිඹීමට භාර කළ මලක්වරයාගේ එකම එක් හඬක් පමණි. info
التفاسير:

external-link copy
14 : 79

فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ

එවිට මිය ගොස් පොළොවට වැළලුනු සියලු දෙනා යළි ජීවමානව ඒ මත නැගී සිටිනු ඇත. info
التفاسير:

external-link copy
15 : 79

هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ

අහෝ දහම් දූතයාණෙනි! මූසා තම පරමාධිපති සමඟත් තම සතුරා වූ ෆිර්අවුන් සමඟත් ක්රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලැබුණෙහිද? info
التفاسير:

external-link copy
16 : 79

اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ

පාරිශුද්ධ තුවා නම් නිම්නයට ඔහුගේ පරමාධිපති ඔහුව කැඳවූ අවස්ථාවේ දී. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත. info

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත. info