ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

අල් මුද්දස්සිර්

គោល​បំណងនៃជំពូក:
الأمر بالاجتهاد في دعوة المكذبين، وإنذارهم بالآخرة والقرآن.
බොරු කරන්නන්හට ඇරයුම් කිරීමේදී කැපවීමේ නියෝගය. මතුලොව හා අල් කුර්ආනය තුළින් ඔවුනට අවවාද කිරීම. info

external-link copy
1 : 74

یٰۤاَیُّهَا الْمُدَّثِّرُ ۟ۙ

තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය.) info
التفاسير:

external-link copy
2 : 74

قُمْ فَاَنْذِرْ ۟ۙ

අවදි වී අල්ලාහ්ගේ දඬුවම ගැන බිය ගන්වනු. info
التفاسير:

external-link copy
3 : 74

وَرَبَّكَ فَكَبِّرْ ۟ۙ

ඔබේ පරමාධිපතිගේ බල මහිමය පැසසුම් කරනු. info
التفاسير:

external-link copy
4 : 74

وَثِیَابَكَ فَطَهِّرْ ۟ۙ

පාපයෙන් ඔබව පිරිසිදු කර ගනු. එමෙන්ම ඔබේ වස්ත්රය කිලිටිවලින් පිරිසිදු කර ගනු. info
التفاسير:

external-link copy
5 : 74

وَالرُّجْزَ فَاهْجُرْ ۟ۙ

පිළිමවලට නැමදුම් කිරීමෙන් දුරස් වනු. info
التفاسير:

external-link copy
6 : 74

وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ ۟ۙ

ඔබේ දැහැමි ක්රියාවන් වැඩිකර දෙන මෙන් ඉල්ලා ඔබේ පරමාධිපතිට උපකාර නොකරනු. info
التفاسير:

external-link copy
7 : 74

وَلِرَبِّكَ فَاصْبِرْ ۟ؕ

ඔබ මුහුණ දෙන හිංසා පීඩාවන් සඳහා අල්ලාහ් වෙනුවෙන් ඉවසනු. info
التفاسير:

external-link copy
8 : 74

فَاِذَا نُقِرَ فِی النَّاقُوْرِ ۟ۙ

දෙවැනි පිඹුම හොරණෑවෙහි පිඹණු ලැබූ විට, info
التفاسير:

external-link copy
9 : 74

فَذٰلِكَ یَوْمَىِٕذٍ یَّوْمٌ عَسِیْرٌ ۟ۙ

එදින බිහිසුණු දුෂ්කර දිනයකි. info
التفاسير:

external-link copy
10 : 74

عَلَی الْكٰفِرِیْنَ غَیْرُ یَسِیْرٍ ۟

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කරන්නන්හට පහසු නොවන දිනයකි. info
التفاسير:

external-link copy
11 : 74

ذَرْنِیْ وَمَنْ خَلَقْتُ وَحِیْدًا ۟ۙ

අහෝ දූතය, ධනය හෝ දරුවෙකු නොමැතිව තම මව් කුසෙහි මම තනි ව මැවූ ඔහු ව, මා සමග අතහැර දමනු. (ඔහු අල් වලීද් ඉබ්නු අල් මුගීරා වේ.) info
التفاسير:

external-link copy
12 : 74

وَّجَعَلْتُ لَهٗ مَالًا مَّمْدُوْدًا ۟ۙ

අධික ලෙස ධන සම්පත් මම ඔහුට ඇති කළෙමි. info
التفاسير:

external-link copy
13 : 74

وَّبَنِیْنَ شُهُوْدًا ۟ۙ

ඔහු සම්මුඛයෙහි සිටින, ඔහු සතු අධික ධනය නිසා මගී කටයුතුවල පවා ඔහුගෙන් වෙන් නොවී සහභාගී වන දරුවන් ඔහුට ඇති කළෙමි. info
التفاسير:

external-link copy
14 : 74

وَّمَهَّدْتُّ لَهٗ تَمْهِیْدًا ۟ۙ

ජීවිතය පෝෂණය හා දරුවන් යනාදියෙහි ඔහුට ඇති තරම් පුළුල් ලෙස ඒවා දුනිමි. info
التفاسير:

external-link copy
15 : 74

ثُمَّ یَطْمَعُ اَنْ اَزِیْدَ ۟ۙ

පසුව ඔහු මා ප්රතික්ෂේප කිරීමත් සමගම ඒ සියල්ල මා පිරිනැමුවායින් පසුව ද තවත් ඔහුට අධිකව මා දිය යුතු යැයි ඔහු කෑදර විය. info
التفاسير:

external-link copy
16 : 74

كَلَّا ؕ— اِنَّهٗ كَانَ لِاٰیٰتِنَا عَنِیْدًا ۟ؕ

ඔහු සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. සැබැවින්ම අපගේ දූතයා වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් සම්බන්ධයෙන් ඔහු මුරණ්ඩුකම් විය. ඒවා බොරු යැයි පැවසීය. info
التفاسير:

external-link copy
17 : 74

سَاُرْهِقُهٗ صَعُوْدًا ۟ؕ

ඉසිලිය නොහැකි දඬුවමකින් දුෂ්කර දඬුවමක් ඔහු මත මම පටවමි. info
التفاسير:

external-link copy
18 : 74

اِنَّهٗ فَكَّرَ وَقَدَّرَ ۟ۙ

මෙම ආශිර්වාද මා පිරිනැමූ එම දේව ප්රතික්ෂේපකයා, අල් කුර්ආනය ව්යාජ භාවයට පත් කිරීම සඳහා, එහි පවසන දෑ ගැන කල්පනා කොට එයට එරෙහිව ඔහුගේ සිත තුළ සැළසුම් යෙදුවේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• المشقة تجلب التيسير.
•දුෂ්කරතා පහසුව ගෙන දෙනු ඇත. info

• وجوب الطهارة من الخَبَث الظاهر والباطن.
•බාහිර හා අභ්යන්තර කිලිටි වලින් පිරිසිදු වීමේ අනිවාර්යයභාවය. info

• الإنعام على الفاجر استدراج له وليس إكرامًا.
•පාපිෂ්ඨයාට සැප පහසුකම් පිරි නැමීම, පියවරෙන් පියවර ඔහු ව ග්රහණය කර ගැනීම සඳහා මිස ඔහුට කරන ගරුත්වයක් වශයෙන් නොවේ. info