ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
93 : 5

لَیْسَ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جُنَاحٌ فِیْمَا طَعِمُوْۤا اِذَا مَا اتَّقَوْا وَّاٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ثُمَّ اتَّقَوْا وَّاٰمَنُوْا ثُمَّ اتَّقَوْا وَّاَحْسَنُوْا ؕ— وَاللّٰهُ یُحِبُّ الْمُحْسِنِیْنَ ۟۠

තහනම් කිරීමට පෙර පරිහරනය කළ අයට කිසිදු විපාකයක් නැත. අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වනු පිණිස දැහැමි කටයුතු සිදු කළවුන්හට, මත්ද්රව්ය තහනම් කිරීමට පෙර එය පරිහරණය කිරීමෙන් ඇති වූ පාපය ඔවුනට නැත. අල්ලාහ්ගේ කෝපයට බිය වී ඔහු ව විශ්වාස කරමින් දැහැමි ක්රියාවන් ඉටු කරමින් තහනම් දැයින් වැළකුණු විට පසු ව ඔවුන් අල්ලාහ් බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔහුට නැමදුම් කරන තරමට ඔහු පිළිබඳ අවධානය වැඩි කර ගත් විට අල්ලාහ්ගේ අඛණ්ඩ පාලක සංවේදකය ඔවුනට හිමි වනු ඇත. එසේ වනුයේ දේව විශ්වාසවන්තයා තම ක්රියාවන් විධිමත් ව භක්තියෙන් යුතු ව ඉටු කරන බැවිණි. අල්ලාහ් ව ඔවුන් දකින්නාක් මෙන නැමදුම් කරන්නන්හට ඔහු ප්රිය කරයි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عدم مؤاخذة الشخص بما لم يُحَرَّم أو لم يبلغه تحريمه.
තහනම් කරනු නොලැබූ දෙයක් හෝ යමක් තහනම් බව තමන්ට දැන ගන්නට නොලැබුණු දෙයක් හේතුවෙන් පුද්ගලයකු වරදකරවකු බවට පත් වන්නේ නැත. info

• تحريم الصيد على المحرم بالحج أو العمرة، وبيان كفارة قتله.
හජ් හෝ උම්රා වන්දනා අවස්ථාවෙහි ඉහ්රාම් තත්ත්වයේ සිටින්නාට දඬයම් කිරීමේ තහනම හා එසේ දඬයම් කොට සතෙක් මරා දැමීමේ දී ඒ සඳහා කළ යුතු ප්රතිකර්මය විස්තර කිරීම. info

• من حكمة الله عز وجل في التحريم: ابتلاء عباده، وتمحيصهم، وفي الكفارة: الردع والزجر.
යමක් තහනම් කිරීමේදී අල්ලාහ්ගේ ප්රඥාව වනුයේ ඔහුගේ ගැත්තන් පරීක්ෂණයට හා විභාගයට ලක් කිරීමය. එහි ප්රතිකර්මය සංයමය හා වැළකීමයි. info