ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
8 : 45

یَّسْمَعُ اٰیٰتِ اللّٰهِ تُتْلٰی عَلَیْهِ ثُمَّ یُصِرُّ مُسْتَكْبِرًا كَاَنْ لَّمْ یَسْمَعْهَا ۚ— فَبَشِّرْهُ بِعَذَابٍ اَلِیْمٍ ۟

මෙම දේව ප්රතික්ෂේපකයා, ඔහු වෙත කියවනු ලබන අල්කුර්ආනයේ අල්ලාහ්ගේ වදන්වලට සවන් දෙයි. පසුව ඔහු කවර ප්රතික්ෂේපයක හා පාපකම්වල නිරතව සිටියේ ද එහිම නිරන්තරයෙන්ම සිටියි. සත්යය අනුගගමනය කිරීමෙන් ඔහු තුළ අහංකාරයක් ඇති කර ගනී. ඔහු වෙත කියවා පෙන්වන ලද එම වදන් ඔහුට නොඇසුනාක් මෙන් ඔහු පසුවෙයි. එහෙයින් අහෝ දූතය! ඔහුගේ අවසානයේ ඔහුට අත්වන නපුර පිළිබඳ දන්වා සිටිනු. එය ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවමයි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
•බොරුව හා පාපකමෙහි, උඩඟුකමෙහි හා අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීමෙහි නිරන්තරයෙන්ම නිරත වී සිටීම යනාදිය නොමග ගියවුන්ගේ ගුණාංග වෙති. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්ට අල්ලාහ් අවවාද කරන ඇත. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
•අල්ලාහ් තම ගැත්තන්හට බොහෝ ආශිර්වාද පිරිනමා ඇත. මෙලොවෙහි ඇති දෑ ඔවුනට වසඟ කර දී තිබීම ද ඉන් එකකි. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
•ආශිර්වාදය යනු, එය ඔවුනට පිරිනැමුවා වූ නැමදුම් ලබන්නට සුදුස්සාට කෘතවේදී වීම ගැත්තාහට අනිවාර්යය කරනු ඇත. info