ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
15 : 41

فَاَمَّا عَادٌ فَاسْتَكْبَرُوْا فِی الْاَرْضِ بِغَیْرِ الْحَقِّ وَقَالُوْا مَنْ اَشَدُّ مِنَّا قُوَّةً ؕ— اَوَلَمْ یَرَوْا اَنَّ اللّٰهَ الَّذِیْ خَلَقَهُمْ هُوَ اَشَدُّ مِنْهُمْ قُوَّةً ؕ— وَكَانُوْا بِاٰیٰتِنَا یَجْحَدُوْنَ ۟

හූද්ගේ ජනයා වන ආද් වනාහි, අල්ලාහ් ප්රතික්ෂේප කිරීමත් සමගම කිසිදු යුක්තියකින් තොර ව මහ පොළොවේ උඩඟුකම් පෑවෝය. ඔවුන් අවට සිටින්නන්හට අපරාධ කළෝය. ඔවුන්ගේ බලය මත මුළා වෙමින් ඔවුහු: ‘අපට වඩා බලවතුන් කවුරුන්දැ?යි විමසුවෝය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඔවුනට වඩා බලවතුන් කිසිවකු නොමැති බවය. අල්ලාහ් ඔවුනට ප්රතිචාර වශයෙන්: ‘සැබවින්ම ඔවුන් මවා ඔවුන් සීමාව ඉක්ම වූ බලය ඔවුන් තුළ ඇති කළ අල්ලාහ් ඔවුනට වඩා බලවත් බව ඔවුහු නොදුටුවෝ ද? ඒ ගැන ඔවුහු වටහා නොගත්තෝ ද? තවද හූද් (අලයිහිස් සලාම්) තුමා ගෙන ආ අල්ලාහ්ගේ සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කරමින් සිටියෝය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الإعراض عن الحق سبب المهالك في الدنيا والآخرة.
•සත්යය පිටු දැකීම මෙලොවෙහි හා මතු ලොවෙහි විනාශය ගෙන දෙන සාධකයක් වන්නේය. info

• التكبر والاغترار بالقوة مانعان من الإذعان للحق.
•උඩඟුකම හා බලය පිළිබඳ මුළාව, සත්යය හිමි කර ගැනීම වළක්වාලන කරුණු දෙකකි. info

• الكفار يُجْمَع لهم بين عذاب الدنيا وعذاب الآخرة.
•දේව ප්රතික්ෂේපකයෝ මෙලොව දඬුවම හා මතු ලොව දඬුවම අතර ඒකාබද්ධ කරනු ලබති info

• شهادة الجوارح يوم القيامة على أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කෙනෙකුගේ ශරීර අවයව අදාළ පුද්ගලයාට එරෙහි ව සාක්ෂි දැරීම. info