ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
13 : 29

وَلَیَحْمِلُنَّ اَثْقَالَهُمْ وَاَثْقَالًا مَّعَ اَثْقَالِهِمْ ؗ— وَلَیُسْـَٔلُنَّ یَوْمَ الْقِیٰمَةِ عَمَّا كَانُوْا یَفْتَرُوْنَ ۟۠

ඔවුන්ගේ ව්යාජ දෑ වෙත ඇරයුම් කරන මෙම දේව ආදේශකයින් ඔවුන් යෝජනා කළ ඔවුන්ගේ පාපය උසුලනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ඇරයුම පිළිපැද්දවුන්ගේ පාපය ද උසුලනු ඇත. එහිදී එසේ පිළිපැද්දවුන්ගේ පාපයෙන් කිසිවක් අඩු කරන්නේද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් ගොතමින් සිටි ව්යාජ දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසනු ලැබේ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الأعمال الصالحة يُكَفِّر الله بها الذنوب.
•දැහැමි ක්රියාවන් මගින් අල්ලාහ් පාපකම් ඉවත් කරයි. info

• تأكُّد وجوب البر بالأبوين.
•දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම අනිවාර්යය බව තරයේ පවසයි. info

• الإيمان بالله يقتضي الصبر على الأذى في سبيله.
•අල්ලාහ් පිළිබඳ විශ්වාසය, ඔහුගේ මාර්ගයේ අත් විදින දුෂ්කරතා මත ඉවසීම ගෙන දෙනු ඇත. info

• من سنَّ سُنَّة سيئة فعليه وزرها ووزر من عمل بها من غير أن ينقص من أوزارهم شيء.
•කවරෙකු අයහපත් ක්රියාවක් සිදු කළේ ද එහි පාපයේ බර ද, එය ඉටු කළ අයගේ පාපයේ බර ද, ඔවුන්ගේ බරින් කිසිදු අඩු කිරීමකින් තොර ව ඔහු මතට පැටවෙනු ඇත. info