ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

අල් අඃලා

external-link copy
1 : 87

سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَی ۟ۙ

නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු. info
التفاسير:

external-link copy
2 : 87

الَّذِیْ خَلَقَ فَسَوّٰی ۟

ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය. info
التفاسير:

external-link copy
3 : 87

وَالَّذِیْ قَدَّرَ فَهَدٰی ۟

තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය. info
التفاسير:

external-link copy
4 : 87

وَالَّذِیْۤ اَخْرَجَ الْمَرْعٰی ۟

තවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය. info
التفاسير:

external-link copy
5 : 87

فَجَعَلَهٗ غُثَآءً اَحْوٰی ۟ؕ

පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය. info
التفاسير:

external-link copy
6 : 87

سَنُقْرِئُكَ فَلَا تَنْسٰۤی ۟ۙ

අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත. info
التفاسير:

external-link copy
7 : 87

اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— اِنَّهٗ یَعْلَمُ الْجَهْرَ وَمَا یَخْفٰی ۟ؕ

අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී. info
التفاسير:

external-link copy
8 : 87

وَنُیَسِّرُكَ لِلْیُسْرٰی ۟ۚۖ

තවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු. info
التفاسير:

external-link copy
9 : 87

فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰی ۟ؕ

එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු. info
التفاسير:

external-link copy
10 : 87

سَیَذَّكَّرُ مَنْ یَّخْشٰی ۟ۙ

කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත. info
التفاسير:

external-link copy
11 : 87

وَیَتَجَنَّبُهَا الْاَشْقَی ۟ۙ

තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත. info
التفاسير:

external-link copy
12 : 87

الَّذِیْ یَصْلَی النَّارَ الْكُبْرٰی ۟ۚ

ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි. info
التفاسير:

external-link copy
13 : 87

ثُمَّ لَا یَمُوْتُ فِیْهَا وَلَا یَحْیٰی ۟ؕ

පසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි. info
التفاسير:

external-link copy
14 : 87

قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰی ۟ۙ

සැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය. info
التفاسير:

external-link copy
15 : 87

وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰی ۟ؕ

තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය. info
التفاسير:

external-link copy
16 : 87

بَلْ تُؤْثِرُوْنَ الْحَیٰوةَ الدُّنْیَا ۟ۚۖ

නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය. info
التفاسير:

external-link copy
17 : 87

وَالْاٰخِرَةُ خَیْرٌ وَّاَبْقٰی ۟ؕ

(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි. info
التفاسير:

external-link copy
18 : 87

اِنَّ هٰذَا لَفِی الصُّحُفِ الْاُوْلٰی ۟ۙ

සත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත. info
التفاسير:

external-link copy
19 : 87

صُحُفِ اِبْرٰهِیْمَ وَمُوْسٰی ۟۠

ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි. info
التفاسير: