ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

අල් මුස්සම්මිල්

external-link copy
1 : 73

یٰۤاَیُّهَا الْمُزَّمِّلُ ۟ۙ

අහෝ පොරවා ගෙන සිටින්නාණනි! info
التفاسير:

external-link copy
2 : 73

قُمِ الَّیْلَ اِلَّا قَلِیْلًا ۟ۙ

සුළු කාලයක් හැර රාත්‍රියෙහි නැගිට සිට නැමදුම් කරනු. info
التفاسير:

external-link copy
3 : 73

نِّصْفَهٗۤ اَوِ انْقُصْ مِنْهُ قَلِیْلًا ۟ۙ

එයින් අඩක් හෝ එයින් ස්වල්පයක් හෝ නුඹ අඩු කර ගනු. info
التفاسير:

external-link copy
4 : 73

اَوْ زِدْ عَلَیْهِ وَرَتِّلِ الْقُرْاٰنَ تَرْتِیْلًا ۟ؕ

නැතහොත් ඊට වඩා වැඩි කර ගනු. තවද අල් කුර්ආනය නිසි අයුරින් පිළිවෙළට පාරායනය කරනු. info
التفاسير:

external-link copy
5 : 73

اِنَّا سَنُلْقِیْ عَلَیْكَ قَوْلًا ثَقِیْلًا ۟

නියත වශයෙන් ම අපි නුඹ වෙත බරැති ප්‍රකාශයක් මතු හෙළන්නෙමු. info
التفاسير:

external-link copy
6 : 73

اِنَّ نَاشِئَةَ الَّیْلِ هِیَ اَشَدُّ وَطْاً وَّاَقْوَمُ قِیْلًا ۟ؕ

නියත වශයෙන් ම රාත්‍රියේ අවදිවීම (සිත්) දමනයට වඩාත් බලගතු ය. තවද කියවීමට වඩාත් උචිත ය. info
التفاسير:

external-link copy
7 : 73

اِنَّ لَكَ فِی النَّهَارِ سَبْحًا طَوِیْلًا ۟ؕ

දහවල් කාලයේ නියත වශයෙන් ම ඔබට දිගු කාර්ය භාරයක් ඇත. info
التفاسير:

external-link copy
8 : 73

وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ اِلَیْهِ تَبْتِیْلًا ۟ؕ

තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු. info
التفاسير:

external-link copy
9 : 73

رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَاۤ اِلٰهَ اِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِیْلًا ۟

ඔහු නැගෙනහිර හා බටහිරෙහි හිමිපාණන් ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් භාරකරුවකු වශයෙන් ඔබ ඔහු ගනු. info
التفاسير:

external-link copy
10 : 73

وَاصْبِرْ عَلٰی مَا یَقُوْلُوْنَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِیْلًا ۟

තවද ඔවුන් පවසන දෑ ගැන නුඹ ඉවසනු. තවද අලංකාර මග හැරීමකින් ඔවුන් මග හරිනු. info
التفاسير:

external-link copy
11 : 73

وَذَرْنِیْ وَالْمُكَذِّبِیْنَ اُولِی النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِیْلًا ۟

තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු. info
التفاسير:

external-link copy
12 : 73

اِنَّ لَدَیْنَاۤ اَنْكَالًا وَّجَحِیْمًا ۟ۙ

නියත වශයෙන් ම අප වෙත (ඔවුන් සඳහා) විලංගු හා නිරය ද ඇත. info
التفاسير:

external-link copy
13 : 73

وَّطَعَامًا ذَا غُصَّةٍ وَّعَذَابًا اَلِیْمًا ۟۫

උගුර හිර කරන ආහාරයක් හා වේදනීය දඬුවමක් ද (ඇත). info
التفاسير:

external-link copy
14 : 73

یَوْمَ تَرْجُفُ الْاَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِیْبًا مَّهِیْلًا ۟

එදින මහපොළොව හා කඳු කම්පනය වෙයි. තවද කඳු හැළෙන සුළු ගොඩ ගසා ඇති පස් බවට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
15 : 73

اِنَّاۤ اَرْسَلْنَاۤ اِلَیْكُمْ رَسُوْلًا ۙ۬— شَاهِدًا عَلَیْكُمْ كَمَاۤ اَرْسَلْنَاۤ اِلٰی فِرْعَوْنَ رَسُوْلًا ۟ؕ

ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු. info
التفاسير:

external-link copy
16 : 73

فَعَصٰی فِرْعَوْنُ الرَّسُوْلَ فَاَخَذْنٰهُ اَخْذًا وَّبِیْلًا ۟

එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු. info
التفاسير:

external-link copy
17 : 73

فَكَیْفَ تَتَّقُوْنَ اِنْ كَفَرْتُمْ یَوْمًا یَّجْعَلُ الْوِلْدَانَ شِیْبَا ۟

නුඹලා ප්‍රතික්ෂේප කළේ නම් දරුවන් පවා මහලුන් බවට පත් කරන දිනයෙහි නුඹලා කෙසේ නම් ආරක්ෂා වන්නෙහු ද? info
التفاسير:

external-link copy
18 : 73

١لسَّمَآءُ مُنْفَطِرٌ بِهٖ ؕ— كَانَ وَعْدُهٗ مَفْعُوْلًا ۟

එහි අහස පිපිරී යන්නකි. ඔහුගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක් විය. info
التفاسير:

external-link copy
19 : 73

اِنَّ هٰذِهٖ تَذْكِرَةٌ ۚ— فَمَنْ شَآءَ اتَّخَذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟۠

නියත වශයෙන් ම මෙය මෙනෙහි කිරීමකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එය තම පරමාධිපති වෙත වූ මාර්ගයක් ලෙස ගනිත්වා! info
التفاسير: