ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
41 : 70

عَلٰۤی اَنْ نُّبَدِّلَ خَیْرًا مِّنْهُمْ ۙ— وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟

(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු. info
التفاسير:

external-link copy
42 : 70

فَذَرْهُمْ یَخُوْضُوْا وَیَلْعَبُوْا حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ یُوْعَدُوْنَ ۟ۙ

ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු. info
التفاسير:

external-link copy
43 : 70

یَوْمَ یَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا كَاَنَّهُمْ اِلٰی نُصُبٍ یُّوْفِضُوْنَ ۟ۙ

පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත. info
التفاسير:

external-link copy
44 : 70

خَاشِعَةً اَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ؕ— ذٰلِكَ الْیَوْمُ الَّذِیْ كَانُوْا یُوْعَدُوْنَ ۟۠

ඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ. info
التفاسير: