ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
91 : 6

وَمَا قَدَرُوا اللّٰهَ حَقَّ قَدْرِهٖۤ اِذْ قَالُوْا مَاۤ اَنْزَلَ اللّٰهُ عَلٰی بَشَرٍ مِّنْ شَیْءٍ ؕ— قُلْ مَنْ اَنْزَلَ الْكِتٰبَ الَّذِیْ جَآءَ بِهٖ مُوْسٰی نُوْرًا وَّهُدًی لِّلنَّاسِ تَجْعَلُوْنَهٗ قَرَاطِیْسَ تُبْدُوْنَهَا وَتُخْفُوْنَ كَثِیْرًا ۚ— وَعُلِّمْتُمْ مَّا لَمْ تَعْلَمُوْۤا اَنْتُمْ وَلَاۤ اٰبَآؤُكُمْ ؕ— قُلِ اللّٰهُ ۙ— ثُمَّ ذَرْهُمْ فِیْ خَوْضِهِمْ یَلْعَبُوْنَ ۟

අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නො කළහ. මන්ද "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නො කළේය" යැයි ඔවුහු පැවසූ බැවිනි. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවු දැ?" යි (නබිවරය!) නුඹ අසනු. නුඹලා එය වෙන් වෙන් පත්‍රිකාවන් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කරන අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහු ය. නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ නොදැන සිටි දෑ නුඹලාට (එමඟින්) උගන්වනු ලැබී ය. (නබිවරය! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන්ව අතහැර දමනු. info
التفاسير: