ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
102 : 4

وَاِذَا كُنْتَ فِیْهِمْ فَاَقَمْتَ لَهُمُ الصَّلٰوةَ فَلْتَقُمْ طَآىِٕفَةٌ مِّنْهُمْ مَّعَكَ وَلْیَاْخُذُوْۤا اَسْلِحَتَهُمْ ۫— فَاِذَا سَجَدُوْا فَلْیَكُوْنُوْا مِنْ وَّرَآىِٕكُمْ ۪— وَلْتَاْتِ طَآىِٕفَةٌ اُخْرٰی لَمْ یُصَلُّوْا فَلْیُصَلُّوْا مَعَكَ وَلْیَاْخُذُوْا حِذْرَهُمْ وَاَسْلِحَتَهُمْ ۚ— وَدَّ الَّذِیْنَ كَفَرُوْا لَوْ تَغْفُلُوْنَ عَنْ اَسْلِحَتِكُمْ وَاَمْتِعَتِكُمْ فَیَمِیْلُوْنَ عَلَیْكُمْ مَّیْلَةً وَّاحِدَةً ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ اِنْ كَانَ بِكُمْ اَذًی مِّنْ مَّطَرٍ اَوْ كُنْتُمْ مَّرْضٰۤی اَنْ تَضَعُوْۤا اَسْلِحَتَكُمْ ۚ— وَخُذُوْا حِذْرَكُمْ ؕ— اِنَّ اللّٰهَ اَعَدَّ لِلْكٰفِرِیْنَ عَذَابًا مُّهِیْنًا ۟

(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතු ය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතු ය. සලාතය ඉටු නො කළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතු ය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතු ය. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානීව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන්ව සිටියේ නම් හෝ නුඹලාගේ ආයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එහෙත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතු ය. සැබැවින් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත. info
التفاسير: