ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
53 : 33

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَدْخُلُوْا بُیُوْتَ النَّبِیِّ اِلَّاۤ اَنْ یُّؤْذَنَ لَكُمْ اِلٰی طَعَامٍ غَیْرَ نٰظِرِیْنَ اِنٰىهُ وَلٰكِنْ اِذَا دُعِیْتُمْ فَادْخُلُوْا فَاِذَا طَعِمْتُمْ فَانْتَشِرُوْا وَلَا مُسْتَاْنِسِیْنَ لِحَدِیْثٍ ؕ— اِنَّ ذٰلِكُمْ كَانَ یُؤْذِی النَّبِیَّ فَیَسْتَحْیٖ مِنْكُمْ ؗ— وَاللّٰهُ لَا یَسْتَحْیٖ مِنَ الْحَقِّ ؕ— وَاِذَا سَاَلْتُمُوْهُنَّ مَتَاعًا فَسْـَٔلُوْهُنَّ مِنْ وَّرَآءِ حِجَابٍ ؕ— ذٰلِكُمْ اَطْهَرُ لِقُلُوْبِكُمْ وَقُلُوْبِهِنَّ ؕ— وَمَا كَانَ لَكُمْ اَنْ تُؤْذُوْا رَسُوْلَ اللّٰهِ وَلَاۤ اَنْ تَنْكِحُوْۤا اَزْوَاجَهٗ مِنْ بَعْدِهٖۤ اَبَدًا ؕ— اِنَّ ذٰلِكُمْ كَانَ عِنْدَ اللّٰهِ عَظِیْمًا ۟

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස්වලට ඇතුළු නො වනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නො සිටිනු. එහෙත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නො වනු. නියත වශයෙන් ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්‍යය පිළිබඳව ලැජ්ජාවට පත් නො වෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත්වලට වඩාත් පිවිතුරු ය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසුව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි. info
التفاسير: