ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
50 : 33

یٰۤاَیُّهَا النَّبِیُّ اِنَّاۤ اَحْلَلْنَا لَكَ اَزْوَاجَكَ الّٰتِیْۤ اٰتَیْتَ اُجُوْرَهُنَّ وَمَا مَلَكَتْ یَمِیْنُكَ مِمَّاۤ اَفَآءَ اللّٰهُ عَلَیْكَ وَبَنٰتِ عَمِّكَ وَبَنٰتِ عَمّٰتِكَ وَبَنٰتِ خَالِكَ وَبَنٰتِ خٰلٰتِكَ الّٰتِیْ هَاجَرْنَ مَعَكَ ؗ— وَامْرَاَةً مُّؤْمِنَةً اِنْ وَّهَبَتْ نَفْسَهَا لِلنَّبِیِّ اِنْ اَرَادَ النَّبِیُّ اَنْ یَّسْتَنْكِحَهَا ۗ— خَالِصَةً لَّكَ مِنْ دُوْنِ الْمُؤْمِنِیْنَ ؕ— قَدْ عَلِمْنَا مَا فَرَضْنَا عَلَیْهِمْ فِیْۤ اَزْوَاجِهِمْ وَمَا مَلَكَتْ اَیْمَانُهُمْ لِكَیْلَا یَكُوْنَ عَلَیْكَ حَرَجٌ ؕ— وَكَانَ اللّٰهُ غَفُوْرًا رَّحِیْمًا ۟

අහෝ නබිවරය! නුඹ ඔවුන්ගේ (මහර්) කුලී ලබා දුන් නුඹගේ බිරියන් ද (යුද්ධයේ දී) අල්ලාහ් නුඹ වෙත පිරිනැමූ අය අතරින් නුඹේ දකුණත සතු කරගත් කාන්තාවන් ද නුඹ සමඟ නික්ම ගිය නුඹේ පිය පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ දූවරුන් ද, නුඹේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ දූවරුන් ද, නුඹට අනුමත කළෙමු. තවද (කිසිදු මහර් ලබා ගැනීමකින් තොර ව) තමන්වම නබිවරයාට පරිත්‍යාග කළ, දේවත්වය විශ්වාස කළ කාන්තාව ද නබිවරයා ඇය විවාහ කර ගැනීමට සිතුවේ නම් සෙසු මුඃමින්වරුන්ට නොව විශේෂයෙන් නුඹට පමණක් අනුමත කළෙමු. ඔවුන්ගේ බිරියන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ දකුණත් සතු කරගත් කාන්තාවත් සම්බන්ධයෙන් ඔබ වෙත වරදක් නො වනු පිණිස අපි ඔවුන් වෙත අනිවාර්යය කළ දෑ සැබැවින් ම අපි දනිමු. තවද අල්ලාහ් අතික්ෂාමාශීලී මහාකරුණාන්විත ය. info
التفاسير: