ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

លេខ​ទំព័រ:close

external-link copy
6 : 2

اِنَّ الَّذِیْنَ كَفَرُوْا سَوَآءٌ عَلَیْهِمْ ءَاَنْذَرْتَهُمْ اَمْ لَمْ تُنْذِرْهُمْ لَا یُؤْمِنُوْنَ ۟

නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද, නැතිනම් අවවාද නො කළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති. info
التفاسير:

external-link copy
7 : 2

خَتَمَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ وَعَلٰی سَمْعِهِمْ ؕ— وَعَلٰۤی اَبْصَارِهِمْ غِشَاوَةٌ ؗ— وَّلَهُمْ عَذَابٌ عَظِیْمٌ ۟۠

අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද, ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබී ය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත. info
التفاسير:

external-link copy
8 : 2

وَمِنَ النَّاسِ مَنْ یَّقُوْلُ اٰمَنَّا بِاللّٰهِ وَبِالْیَوْمِ الْاٰخِرِ وَمَا هُمْ بِمُؤْمِنِیْنَ ۟ۘ

තවද ජනයා අතරින් "සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. එහෙත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නො වෙති. info
التفاسير:

external-link copy
9 : 2

یُخٰدِعُوْنَ اللّٰهَ وَالَّذِیْنَ اٰمَنُوْا ۚ— وَمَا یَخْدَعُوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟ؕ

ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන්ට වංචා කරති. (සත්‍ය වශයෙන් ම) ඔවුහු තමන්ට ම මිස වංචා නො කරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත. info
التفاسير:

external-link copy
10 : 2

فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ ۙ— فَزَادَهُمُ اللّٰهُ مَرَضًا ۚ— وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۙ۬۟ — بِمَا كَانُوْا یَكْذِبُوْنَ ۟

ඔවුන්ගේ හදවත් තුළ (සැකයෙන් පිරිණු) රෝගයක් ඇත. එබැවින් අල්ලාහ් ඔවුනට රෝගය වර්ධනය කළේ ය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් ඔවුනට වේදනීය දඬුවමක් ඇත. info
التفاسير:

external-link copy
11 : 2

وَاِذَا قِیْلَ لَهُمْ لَا تُفْسِدُوْا فِی الْاَرْضِ ۙ— قَالُوْۤا اِنَّمَا نَحْنُ مُصْلِحُوْنَ ۟

තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නො කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට "සැබැවින් ම අපි මය සංශෝධකයෝ" යැයි ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
12 : 2

اَلَاۤ اِنَّهُمْ هُمُ الْمُفْسِدُوْنَ وَلٰكِنْ لَّا یَشْعُرُوْنَ ۟

අවධානයට ගනු! සැබැවින් ම ඔවුන් මය දූෂිතයින් වන්නේ. එහෙත් ඔවුහු (ඒ බව) වටහා නො ගනිති. info
التفاسير:

external-link copy
13 : 2

وَاِذَا قِیْلَ لَهُمْ اٰمِنُوْا كَمَاۤ اٰمَنَ النَّاسُ قَالُوْۤا اَنُؤْمِنُ كَمَاۤ اٰمَنَ السُّفَهَآءُ ؕ— اَلَاۤ اِنَّهُمْ هُمُ السُّفَهَآءُ وَلٰكِنْ لَّا یَعْلَمُوْنَ ۟

තවද "(දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු" යැයි ඔවුනට කියනු ලැබූ කල්හි "අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ?" යි විමසති. අවධානයට ගනු! සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. එහෙත් ඔවුහු (ඒ බව) නො දනිති. info
التفاسير:

external-link copy
14 : 2

وَاِذَا لَقُوا الَّذِیْنَ اٰمَنُوْا قَالُوْۤا اٰمَنَّا ۖۚ— وَاِذَا خَلَوْا اِلٰی شَیٰطِیْنِهِمْ ۙ— قَالُوْۤا اِنَّا مَعَكُمْ ۙ— اِنَّمَا نَحْنُ مُسْتَهْزِءُوْنَ ۟

තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. එහෙත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු" යැයි පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
15 : 2

اَللّٰهُ یَسْتَهْزِئُ بِهِمْ وَیَمُدُّهُمْ فِیْ طُغْیَانِهِمْ یَعْمَهُوْنَ ۟

අල්ලාහ් ඔවුන්ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන්ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත. info
التفاسير:

external-link copy
16 : 2

اُولٰٓىِٕكَ الَّذِیْنَ اشْتَرَوُا الضَّلٰلَةَ بِالْهُدٰی ۪— فَمَا رَبِحَتْ تِّجَارَتُهُمْ وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟

ඔවුහු මය යහ මඟ වෙනුවට මුළාව මිලට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන්ගේ ව්‍යාපාරය ලාබදායී නො වීය. තවද ඔවුහු යහ මඟ ගිය අය නො වූහ. info
التفاسير: