Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
29 : 7

قُلْ اَمَرَ رَبِّیْ بِالْقِسْطِ ۫— وَاَقِیْمُوْا وُجُوْهَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ وَّادْعُوْهُ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ؕ۬— كَمَا بَدَاَكُمْ تَعُوْدُوْنَ ۟ؕ

අහෝ මුහම්මද්! 'සැබැවින්ම අල්ලාහ් යුක්තිය හා සාධාරණය අණ කළේය. අශීලාචාර දෑ හෝ පිළිකුල් සහගත දෑ ඔහු අණ කළේ නැත. පොදුවේ හා විශේෂයෙන් මස්ජිදය තුළ ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ඔහු අණ කළේය. එමෙන්ම ඔහුට පමණක් අවංකව අවනත වෙමින් ඔහුගෙන් ප්රාර්ථනා කරන මෙන්ද අණ කළේය. මුල් වතාවේ කිසිවක් නොමැති තත්ත්වයේ ඔබ ව මැව්වා සේම නැවත වතාවක් ජීවී ව යළි ඔබ ව ගෙන එනු ඇත. ඔබේ මැවීම ආරම්භ කිරීමේ බලය ඇති ඔහු යළි ඔබ ගෙන එන්නටත් නැවත අවදි කරවීමටත් බලය ඇත්තාය යැයි බහුදේවවාදීන්හට ඔබ පවසනු. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• من أَشْبَهَ آدم بالاعتراف وسؤال المغفرة والندم والإقلاع - إذا صدرت منه الذنوب - اجتباه ربه وهداه. ومن أَشْبَهَ إبليس - إذا صدر منه الذنب بالإصرار والعناد - فإنه لا يزداد من الله إلا بُعْدًا.
කවරෙකු හෝ ආදම් තුමා මෙන් -තමන්ගෙන් යම් වරදක් සිදු වූ විට- තම වරද පිළිගෙන, සමාව අයැද, පසුතැවිලි වී එයින් මිදෙන්නේද, ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගෙන ඔහුට මග පෙන්වනු ඇත. කවරෙකු හෝ ඉබ්ලීස් මෙන් -මුරණ්ඩුකමින් හා දැනුවත්ව යම් වරදක් සිදු කරමින් - කටයුතු කළේ ද සැබැවින්ම එය අල්ලාහ්ගෙන් දුරස් වීම මිස වෙනත් කිසිවක් ඔහුට වැඩි කරන්නේ නැත. info

• اللباس نوعان: ظاهري يستر العورةَ، وباطني وهو التقوى الذي يستمر مع العبد، وهو جمال القلب والروح.
ඇඳුම් වර්ග දෙකකි. එකක් මතුපිටින් විළි වසා ගන්නා ඇඳුම. දෙවැන්න ගැත්තා අභ්යන්තරයේ සඟවමින් සිටින බැතිමත්භාවයේ ඇඳුමයි. හදවතේ හා ප්රාණයේ අලංකාරය එයයි. info

• كثير من أعوان الشيطان يدعون إلى نزع اللباس الظاهري؛ لتنكشف العورات، فيهون على الناس فعل المنكرات وارتكاب الفواحش.
ෂෙයිතාන්ගේ උදව්කරුවන් බොහෝ දෙනා ඇරයුම් කරන්නේ නිරුවත නිරාවරණය කරන මතුපිට ඇඳුම ගලවා දැමීමටය. පිළිකුල් සහගත ක්රියාවන් සිදු කිරීමටත් අශික්ෂිත පාපකම් සිදු කිරීමටත් ඔවුන් මිනිසුන්ට පහසු කරනු ඇත. info

• أن الهداية بفضل الله ومَنِّه، وأن الضلالة بخذلانه للعبد إذا تولَّى -بجهله وظلمه- الشيطانَ، وتسبَّب لنفسه بالضلال.
සැබැවින්ම යහමග යනු අල්ලාහ්ගේ ත්යාගයක් හා ඔහුගේ ආශිර්වාදයකි. සැබැවින්ම මුළාව යනු තම අධමකම හා අපරාධකම හේතුවෙන් ෂෙයිතාන් තම භාරකාරයා බවට පත් කර ගත් විට ගැත්තා වංචනික භාවයට ලක් වීමයි. මුළාවෙන් තම ආත්මයටම දොස් පැවරෙනු ඇත. info