Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah

අෂ් ෂුඅරාඋ

external-link copy
1 : 26

طٰسٓمّٓ ۟

තා, සීන්, මීම්. info
التفاسير:

external-link copy
2 : 26

تِلْكَ اٰیٰتُ الْكِتٰبِ الْمُبِیْنِ ۟

ඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් ය. info
التفاسير:

external-link copy
3 : 26

لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ اَلَّا یَكُوْنُوْا مُؤْمِنِیْنَ ۟

ඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් නො වීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි. info
التفاسير:

external-link copy
4 : 26

اِنْ نَّشَاْ نُنَزِّلْ عَلَیْهِمْ مِّنَ السَّمَآءِ اٰیَةً فَظَلَّتْ اَعْنَاقُهُمْ لَهَا خٰضِعِیْنَ ۟

අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහිව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
5 : 26

وَمَا یَاْتِیْهِمْ مِّنْ ذِكْرٍ مِّنَ الرَّحْمٰنِ مُحْدَثٍ اِلَّا كَانُوْا عَنْهُ مُعْرِضِیْنَ ۟

මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත. info
التفاسير:

external-link copy
6 : 26

فَقَدْ كَذَّبُوْا فَسَیَاْتِیْهِمْ اَنْۢبٰٓؤُا مَا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟

එවිට සැබැවින් ම ඔවුහු බොරු කළෝ ය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෝ ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත. info
التفاسير:

external-link copy
7 : 26

اَوَلَمْ یَرَوْا اِلَی الْاَرْضِ كَمْ اَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ زَوْجٍ كَرِیْمٍ ۟

එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින් ම කොපමණක් දෑ හටගන්වා ඇති දැ? යි මහපොළොව දෙස ඔවුහු නො බැලුවෝ ද? info
التفاسير:

external-link copy
8 : 26

اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟

නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන්. නො වූවෝ ය. info
التفاسير:

external-link copy
9 : 26

وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠

තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහු මය මහා කරුණාන්විත සර්ව බලධාරී. info
التفاسير:

external-link copy
10 : 26

وَاِذْ نَادٰی رَبُّكَ مُوْسٰۤی اَنِ ائْتِ الْقَوْمَ الظّٰلِمِیْنَ ۟ۙ

තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු. info
التفاسير:

external-link copy
11 : 26

قَوْمَ فِرْعَوْنَ ؕ— اَلَا یَتَّقُوْنَ ۟

ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
12 : 26

قَالَ رَبِّ اِنِّیْۤ اَخَافُ اَنْ یُّكَذِّبُوْنِ ۟ؕ

මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
13 : 26

وَیَضِیْقُ صَدْرِیْ وَلَا یَنْطَلِقُ لِسَانِیْ فَاَرْسِلْ اِلٰی هٰرُوْنَ ۟

මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නො කරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු. info
التفاسير:

external-link copy
14 : 26

وَلَهُمْ عَلَیَّ ذَنْۢبٌ فَاَخَافُ اَنْ یَّقْتُلُوْنِ ۟ۚۖ

තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතුව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි. info
التفاسير:

external-link copy
15 : 26

قَالَ كَلَّا ۚ— فَاذْهَبَا بِاٰیٰتِنَاۤ اِنَّا مَعَكُمْ مُّسْتَمِعُوْنَ ۟

එසේ නො ව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
16 : 26

فَاْتِیَا فِرْعَوْنَ فَقُوْلَاۤ اِنَّا رَسُوْلُ رَبِّ الْعٰلَمِیْنَ ۟ۙ

එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන් ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු. info
التفاسير:

external-link copy
17 : 26

اَنْ اَرْسِلْ مَعَنَا بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ

එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු. info
التفاسير:

external-link copy
18 : 26

قَالَ اَلَمْ نُرَبِّكَ فِیْنَا وَلِیْدًا وَّلَبِثْتَ فِیْنَا مِنْ عُمُرِكَ سِنِیْنَ ۟ۙ

අපි නුඹව අප තුළ දරුවකු සේ හදා වඩා නො ගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය. info
التفاسير:

external-link copy
19 : 26

وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِیْ فَعَلْتَ وَاَنْتَ مِنَ الْكٰفِرِیْنَ ۟

තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසී ය.) info
التفاسير: