क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र

අල් බලද්

external-link copy
1 : 90

لَاۤ اُقْسِمُ بِهٰذَا الْبَلَدِ ۟ۙ

මෙම නගරය (මක්කාහ් ව) මත මම දිවුරමි. info
التفاسير:

external-link copy
2 : 90

وَاَنْتَ حِلٌّۢ بِهٰذَا الْبَلَدِ ۟ۙ

නුඹ මෙම නගරයේ රැඳී සිටිය දී, info
التفاسير:

external-link copy
3 : 90

وَوَالِدٍ وَّمَا وَلَدَ ۟ۙ

පියා හා ඔහු ජනිත කළ දෑ මත (දිවුරමි.) info
التفاسير:

external-link copy
4 : 90

لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِیْ كَبَدٍ ۟ؕ

සැබැවින්ම මිනිසා ව දැඩි දුෂ්කරතාවක අපි මැව්වෙමු. info
التفاسير:

external-link copy
5 : 90

اَیَحْسَبُ اَنْ لَّنْ یَّقْدِرَ عَلَیْهِ اَحَدٌ ۟ۘ

ඔහු කෙරෙහි කිසිවෙකු බලය නො දරන්නේ ම යැයි ඔහු සිතන්නේ ද? info
التفاسير:

external-link copy
6 : 90

یَقُوْلُ اَهْلَكْتُ مَالًا لُّبَدًا ۟ؕ

මම අධික වශයෙන් ධනය නාස්ති කළෙමි යැයි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
7 : 90

اَیَحْسَبُ اَنْ لَّمْ یَرَهٗۤ اَحَدٌ ۟ؕ

ඔහුව කිසිවෙක් නො දුටුවේ යැයි ඔහු සිතන්නේ ද? info
التفاسير:

external-link copy
8 : 90

اَلَمْ نَجْعَلْ لَّهٗ عَیْنَیْنِ ۟ۙ

අපි ඔහුට දෑස් ඇති නො කළෙමු ද? info
التفاسير:

external-link copy
9 : 90

وَلِسَانًا وَّشَفَتَیْنِ ۟ۙ

දිව ද දෙතොල් ද (ඇති නො කළෙමු ද?) info
التفاسير:

external-link copy
10 : 90

وَهَدَیْنٰهُ النَّجْدَیْنِ ۟ۚ

තවද අපි ඔහුට (හොඳ නරක යන) මාවත් දෙක වෙත මඟ පෙන්වූයෙමු. info
التفاسير:

external-link copy
11 : 90

فَلَا اقْتَحَمَ الْعَقَبَةَ ۟ؗۖ

එනමුත් ඔහු අකබාව තරණය නො කළේ ය. info
التفاسير:

external-link copy
12 : 90

وَمَاۤ اَدْرٰىكَ مَا الْعَقَبَةُ ۟ؕ

අකබාව යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
13 : 90

فَكُّ رَقَبَةٍ ۟ۙ

(එය) වහලෙකු නිදහස් කිරීම; info
التفاسير:

external-link copy
14 : 90

اَوْ اِطْعٰمٌ فِیْ یَوْمٍ ذِیْ مَسْغَبَةٍ ۟ۙ

එසේ නැතහොත් සාගින්නෙන් යුත් දිනක ආහාර සැපයීම ය. info
التفاسير:

external-link copy
15 : 90

یَّتِیْمًا ذَا مَقْرَبَةٍ ۟ۙ

සමීපකම් ඇති අනාථ ඥාතියෙකුට; info
التفاسير:

external-link copy
16 : 90

اَوْ مِسْكِیْنًا ذَا مَتْرَبَةٍ ۟ؕ

එසේ නැතහොත් අසරණ වූ දුගියෙකුට (ආහාර සැපයීම ය.) info
التفاسير:

external-link copy
17 : 90

ثُمَّ كَانَ مِنَ الَّذِیْنَ اٰمَنُوْا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ ۟ؕ

පසුව ඔහු විශ්වාස කර ඉවසීම පිළිබඳ එකිනෙකාට උපදෙස් දෙමින් කරුණා දයාව පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය අතරින් කෙනෙකු බවට පත් විය. info
التفاسير:

external-link copy
18 : 90

اُولٰٓىِٕكَ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ

ඔවුහු මය දකුණත පාර්ශවයින් වන්නෝ. info
التفاسير:

external-link copy
19 : 90

وَالَّذِیْنَ كَفَرُوْا بِاٰیٰتِنَا هُمْ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ

තවද අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය වමත් පාර්ශවයින් වන්නෝ. info
التفاسير:

external-link copy
20 : 90

عَلَیْهِمْ نَارٌ مُّؤْصَدَةٌ ۟۠

ඔවුන්හට මොළ වන ලද (නිරයේ) ගින්න ඇත. info
التفاسير: