क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र

නූහ්

external-link copy
1 : 71

اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟

වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු. info
التفاسير:

external-link copy
2 : 71

قَالَ یٰقَوْمِ اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ

“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
3 : 71

اَنِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ وَاَطِیْعُوْنِ ۟ۙ

“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු” info
التفاسير:

external-link copy
4 : 71

یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُؤَخِّرْكُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ— اِنَّ اَجَلَ اللّٰهِ اِذَا جَآءَ لَا یُؤَخَّرُ ۘ— لَوْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟

“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.” info
التفاسير:

external-link copy
5 : 71

قَالَ رَبِّ اِنِّیْ دَعَوْتُ قَوْمِیْ لَیْلًا وَّنَهَارًا ۟ۙ

“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය. info
التفاسير:

external-link copy
6 : 71

فَلَمْ یَزِدْهُمْ دُعَآءِیْۤ اِلَّا فِرَارًا ۟

“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.” info
التفاسير:

external-link copy
7 : 71

وَاِنِّیْ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوْۤا اَصَابِعَهُمْ فِیْۤ اٰذَانِهِمْ وَاسْتَغْشَوْا ثِیَابَهُمْ وَاَصَرُّوْا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۟ۚ

“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.” info
التفاسير:

external-link copy
8 : 71

ثُمَّ اِنِّیْ دَعَوْتُهُمْ جِهَارًا ۟ۙ

“පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.” info
التفاسير:

external-link copy
9 : 71

ثُمَّ اِنِّیْۤ اَعْلَنْتُ لَهُمْ وَاَسْرَرْتُ لَهُمْ اِسْرَارًا ۟ۙ

“පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.” info
التفاسير:

external-link copy
10 : 71

فَقُلْتُ اسْتَغْفِرُوْا رَبَّكُمْ ۫— اِنَّهٗ كَانَ غَفَّارًا ۟ۙ

“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.” info
التفاسير:

external-link copy
11 : 71

یُّرْسِلِ السَّمَآءَ عَلَیْكُمْ مِّدْرَارًا ۟ۙ

“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.” info
التفاسير:

external-link copy
12 : 71

وَّیُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَیَجْعَلْ لَّكُمْ جَنّٰتٍ وَّیَجْعَلْ لَّكُمْ اَنْهٰرًا ۟ؕ

“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”. info
التفاسير:

external-link copy
13 : 71

مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۟ۚ

“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.” info
التفاسير:

external-link copy
14 : 71

وَقَدْ خَلَقَكُمْ اَطْوَارًا ۟

“තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.” info
التفاسير:

external-link copy
15 : 71

اَلَمْ تَرَوْا كَیْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۟ۙ

“ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?” info
التفاسير:

external-link copy
16 : 71

وَّجَعَلَ الْقَمَرَ فِیْهِنَّ نُوْرًا وَّجَعَلَ الشَّمْسَ سِرَاجًا ۟

“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.” info
التفاسير:

external-link copy
17 : 71

وَاللّٰهُ اَنْۢبَتَكُمْ مِّنَ الْاَرْضِ نَبَاتًا ۟ۙ

“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.” info
التفاسير:

external-link copy
18 : 71

ثُمَّ یُعِیْدُكُمْ فِیْهَا وَیُخْرِجُكُمْ اِخْرَاجًا ۟

“පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.” info
التفاسير:

external-link copy
19 : 71

وَاللّٰهُ جَعَلَ لَكُمُ الْاَرْضَ بِسَاطًا ۟ۙ

තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය. info
التفاسير:

external-link copy
20 : 71

لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا ۟۠

නුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස. info
التفاسير:

external-link copy
21 : 71

قَالَ نُوْحٌ رَّبِّ اِنَّهُمْ عَصَوْنِیْ وَاتَّبَعُوْا مَنْ لَّمْ یَزِدْهُ مَالُهٗ وَوَلَدُهٗۤ اِلَّا خَسَارًا ۟ۚ

“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය. info
التفاسير:

external-link copy
22 : 71

وَمَكَرُوْا مَكْرًا كُبَّارًا ۟ۚ

“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.” info
التفاسير:

external-link copy
23 : 71

وَقَالُوْا لَا تَذَرُنَّ اٰلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَّلَا سُوَاعًا ۙ۬— وَّلَا یَغُوْثَ وَیَعُوْقَ وَنَسْرًا ۟ۚ

“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.” info
التفاسير:

external-link copy
24 : 71

وَقَدْ اَضَلُّوْا كَثِیْرًا ۚ۬— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا ضَلٰلًا ۟

“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ. info
التفاسير:

external-link copy
25 : 71

مِمَّا خَطِیْٓـٰٔتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ۬— فَلَمْ یَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا ۟

ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
26 : 71

وَقَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَی الْاَرْضِ مِنَ الْكٰفِرِیْنَ دَیَّارًا ۟

“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය. info
التفاسير:

external-link copy
27 : 71

اِنَّكَ اِنْ تَذَرْهُمْ یُضِلُّوْا عِبَادَكَ وَلَا یَلِدُوْۤا اِلَّا فَاجِرًا كَفَّارًا ۟

“නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.” info
التفاسير:

external-link copy
28 : 71

رَبِّ اغْفِرْ لِیْ وَلِوَالِدَیَّ وَلِمَنْ دَخَلَ بَیْتِیَ مُؤْمِنًا وَّلِلْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا تَبَارًا ۟۠

“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!” info
التفاسير: