क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद - अनुवाद अग्रदूत केंद्र

पृष्ठ संख्या:close

external-link copy
90 : 23

بَلْ اَتَیْنٰهُمْ بِالْحَقِّ وَاِنَّهُمْ لَكٰذِبُوْنَ ۟

එසේ නො ව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ම ය. info
التفاسير:

external-link copy
91 : 23

مَا اتَّخَذَ اللّٰهُ مِنْ وَّلَدٍ وَّمَا كَانَ مَعَهٗ مِنْ اِلٰهٍ اِذًا لَّذَهَبَ كُلُّ اِلٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلٰی بَعْضٍ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یَصِفُوْنَ ۟ۙ

අල්ලාහ් කිසිදු දරුවකු නො ගත්තේ ය. තවද ඔහු සමඟ කිසිදු දෙවියකු ද නො වීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකු ම ඔහු මැවූ දෑ සමඟ පහව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරු ය. info
التفاسير:

external-link copy
92 : 23

عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟۠

ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය. info
التفاسير:

external-link copy
93 : 23

قُلْ رَّبِّ اِمَّا تُرِیَنِّیْ مَا یُوْعَدُوْنَ ۟ۙ

මාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු. info
التفاسير:

external-link copy
94 : 23

رَبِّ فَلَا تَجْعَلْنِیْ فِی الْقَوْمِ الظّٰلِمِیْنَ ۟

මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නො කරනු මැනව! (යැයි නුඹ පවසනු.) info
التفاسير:

external-link copy
95 : 23

وَاِنَّا عَلٰۤی اَنْ نُّرِیَكَ مَا نَعِدُهُمْ لَقٰدِرُوْنَ ۟

තවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන් ම අපි බලය ඇත්තෝ වෙමු. info
التفاسير:

external-link copy
96 : 23

اِدْفَعْ بِالَّتِیْ هِیَ اَحْسَنُ السَّیِّئَةَ ؕ— نَحْنُ اَعْلَمُ بِمَا یَصِفُوْنَ ۟

වඩාත් අලංකාර වනුයේ කුමක් ද? එමඟින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අපි මැනවින් දන්නෙමු. info
التفاسير:

external-link copy
97 : 23

وَقُلْ رَّبِّ اَعُوْذُ بِكَ مِنْ هَمَزٰتِ الشَّیٰطِیْنِ ۟ۙ

තවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම්වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු. info
التفاسير:

external-link copy
98 : 23

وَاَعُوْذُ بِكَ رَبِّ اَنْ یَّحْضُرُوْنِ ۟

තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි. info
التفاسير:

external-link copy
99 : 23

حَتّٰۤی اِذَا جَآءَ اَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُوْنِ ۟ۙ

අවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
100 : 23

لَعَلِّیْۤ اَعْمَلُ صَالِحًا فِیْمَا تَرَكْتُ كَلَّا ؕ— اِنَّهَا كَلِمَةٌ هُوَ قَآىِٕلُهَا ؕ— وَمِنْ وَّرَآىِٕهِمْ بَرْزَخٌ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟

මා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන් ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසුව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත. info
التفاسير:

external-link copy
101 : 23

فَاِذَا نُفِخَ فِی الصُّوْرِ فَلَاۤ اَنْسَابَ بَیْنَهُمْ یَوْمَىِٕذٍ وَّلَا یَتَسَآءَلُوْنَ ۟

එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නො පවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නො ගනිති. info
التفاسير:

external-link copy
102 : 23

فَمَنْ ثَقُلَتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ هُمُ الْمُفْلِحُوْنَ ۟

එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ. info
التفاسير:

external-link copy
103 : 23

وَمَنْ خَفَّتْ مَوَازِیْنُهٗ فَاُولٰٓىِٕكَ الَّذِیْنَ خَسِرُوْۤا اَنْفُسَهُمْ فِیْ جَهَنَّمَ خٰلِدُوْنَ ۟ۚ

තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ට ම අලාභහානි කර ගත්තෝ ඔවුහු ම ය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති. info
التفاسير:

external-link copy
104 : 23

تَلْفَحُ وُجُوْهَهُمُ النَّارُ وَهُمْ فِیْهَا كٰلِحُوْنَ ۟

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති. info
التفاسير: