કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર

પેજ નંબર:close

external-link copy
58 : 21

فَجَعَلَهُمْ جُذٰذًا اِلَّا كَبِیْرًا لَّهُمْ لَعَلَّهُمْ اِلَیْهِ یَرْجِعُوْنَ ۟

පසුව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලිවලට පත් කළේ ය. info
التفاسير:

external-link copy
59 : 21

قَالُوْا مَنْ فَعَلَ هٰذَا بِاٰلِهَتِنَاۤ اِنَّهٗ لَمِنَ الظّٰلِمِیْنَ ۟

‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවු ද? නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
60 : 21

قَالُوْا سَمِعْنَا فَتًی یَّذْكُرُهُمْ یُقَالُ لَهٗۤ اِبْرٰهِیْمُ ۟ؕ

‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
61 : 21

قَالُوْا فَاْتُوْا بِهٖ عَلٰۤی اَعْیُنِ النَّاسِ لَعَلَّهُمْ یَشْهَدُوْنَ ۟

‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ. info
التفاسير:

external-link copy
62 : 21

قَالُوْۤا ءَاَنْتَ فَعَلْتَ هٰذَا بِاٰلِهَتِنَا یٰۤاِبْرٰهِیْمُ ۟ؕ

අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹ දැ? යි ඔවුහු විමසූහ. info
التفاسير:

external-link copy
63 : 21

قَالَ بَلْ فَعَلَهٗ ۖۗ— كَبِیْرُهُمْ هٰذَا فَسْـَٔلُوْهُمْ اِنْ كَانُوْا یَنْطِقُوْنَ ۟

නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේ ය. info
التفاسير:

external-link copy
64 : 21

فَرَجَعُوْۤا اِلٰۤی اَنْفُسِهِمْ فَقَالُوْۤا اِنَّكُمْ اَنْتُمُ الظّٰلِمُوْنَ ۟ۙ

එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු තමන් වෙතට ම හැරී "නියත වශයෙන් ම අපරාධකරුවෝ නුඹලා මය යැයි පැවසුවෝය". info
التفاسير:

external-link copy
65 : 21

ثُمَّ نُكِسُوْا عَلٰی رُءُوْسِهِمْ ۚ— لَقَدْ عَلِمْتَ مَا هٰۤؤُلَآءِ یَنْطِقُوْنَ ۟

ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින් ම මේවා කතා නො කරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය). info
التفاسير:

external-link copy
66 : 21

قَالَ اَفَتَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَنْفَعُكُمْ شَیْـًٔا وَّلَا یَضُرُّكُمْ ۟ؕ

‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නො දෙන එමෙන් ම නුඹලාට කිසිදු හානියක් නො කරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහු ද? යැ’යි ඔහු විමසුවේ ය. info
التفاسير:

external-link copy
67 : 21

اُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශය ම වේවා! නුඹලා වටහාගත යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
68 : 21

قَالُوْا حَرِّقُوْهُ وَانْصُرُوْۤا اٰلِهَتَكُمْ اِنْ كُنْتُمْ فٰعِلِیْنَ ۟

නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහුව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝ ය. info
التفاسير:

external-link copy
69 : 21

قُلْنَا یٰنَارُ كُوْنِیْ بَرْدًا وَّسَلٰمًا عَلٰۤی اِبْرٰهِیْمَ ۟ۙ

අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු. info
التفاسير:

external-link copy
70 : 21

وَاَرَادُوْا بِهٖ كَیْدًا فَجَعَلْنٰهُمُ الْاَخْسَرِیْنَ ۟ۚ

තවද ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට ඔවුහු සිතුවෝ ය. එහෙත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු. info
التفاسير:

external-link copy
71 : 21

وَنَجَّیْنٰهُ وَلُوْطًا اِلَی الْاَرْضِ الَّتِیْ بٰرَكْنَا فِیْهَا لِلْعٰلَمِیْنَ ۟

තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු. info
التفاسير:

external-link copy
72 : 21

وَوَهَبْنَا لَهٗۤ اِسْحٰقَ ؕ— وَیَعْقُوْبَ نَافِلَةً ؕ— وَكُلًّا جَعَلْنَا صٰلِحِیْنَ ۟

තවද ඉස්හාක් හා ඊට අමතරව යඃකූබ් ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුව ම දැහැමියන් බවට අපි පත් කළෙමු. info
التفاسير: