Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo.

external-link copy
260 : 2

وَاِذْ قَالَ اِبْرٰهٖمُ رَبِّ اَرِنِیْ كَیْفَ تُحْیِ الْمَوْتٰی ؕ— قَالَ اَوَلَمْ تُؤْمِنْ ؕ— قَالَ بَلٰی وَلٰكِنْ لِّیَطْمَىِٕنَّ قَلْبِیْ ؕ— قَالَ فَخُذْ اَرْبَعَةً مِّنَ الطَّیْرِ فَصُرْهُنَّ اِلَیْكَ ثُمَّ اجْعَلْ عَلٰی كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ادْعُهُنَّ یَاْتِیْنَكَ سَعْیًا ؕ— وَاعْلَمْ اَنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠

තවද ‘මාගේ පරමාධිපතියාණනි! මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැ? යි මට පෙන්වනු’ යැයි ඉබ්රාහීම් පැවසූ විට, ‘නුඹ විශ්වාස නො කළෙහි දැ?’ යි ඔහු විමසුවේ ය. ‘එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස’ යැයි ඔහු පැවසුවේ ය. ‘එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසුව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසුව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තවද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.’ info
التفاسير: