ترجمهٔ معانی قرآن کریم - ترجمه‌ى سنهالى - مرکز ترجمه‌ى رواد

අල් වාකිආ

external-link copy
1 : 56

اِذَا وَقَعَتِ الْوَاقِعَةُ ۟ۙ

සිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට; info
التفاسير:

external-link copy
2 : 56

لَیْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ۟ۘ

එම සිදු වීම බොරුවක් නො වෙයි. info
التفاسير:

external-link copy
3 : 56

خَافِضَةٌ رَّافِعَةٌ ۟ۙ

(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි. info
التفاسير:

external-link copy
4 : 56

اِذَا رُجَّتِ الْاَرْضُ رَجًّا ۟ۙ

මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට; info
التفاسير:

external-link copy
5 : 56

وَّبُسَّتِ الْجِبَالُ بَسًّا ۟ۙ

තවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට; info
التفاسير:

external-link copy
6 : 56

فَكَانَتْ هَبَآءً مُّنْۢبَثًّا ۟ۙ

එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
7 : 56

وَّكُنْتُمْ اَزْوَاجًا ثَلٰثَةً ۟ؕ

එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය. info
التفاسير:

external-link copy
8 : 56

فَاَصْحٰبُ الْمَیْمَنَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَیْمَنَةِ ۟ؕ

එනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
9 : 56

وَاَصْحٰبُ الْمَشْـَٔمَةِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْمَشْـَٔمَةِ ۟ؕ

තවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
10 : 56

وَالسّٰبِقُوْنَ السّٰبِقُوْنَ ۟ۙ

පෙරටුගාමීහු පෙරටු ගාමීහු ය. info
التفاسير:

external-link copy
11 : 56

اُولٰٓىِٕكَ الْمُقَرَّبُوْنَ ۟ۚ

ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති. info
التفاسير:

external-link copy
12 : 56

فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟

(ඔවුන්) සැපවත් උයන්හි සිටිති. info
التفاسير:

external-link copy
13 : 56

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

මුල් අයගෙන් වූ පිරිසකි. info
التفاسير:

external-link copy
14 : 56

وَقَلِیْلٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි. info
التفاسير:

external-link copy
15 : 56

عَلٰی سُرُرٍ مَّوْضُوْنَةٍ ۟ۙ

(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති. info
التفاسير:

external-link copy
16 : 56

مُّتَّكِـِٕیْنَ عَلَیْهَا مُتَقٰبِلِیْنَ ۟

ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති. info
التفاسير:

external-link copy
17 : 56

یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ

ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති. info
التفاسير:

external-link copy
18 : 56

بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.) info
التفاسير:

external-link copy
19 : 56

لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති. info
التفاسير:

external-link copy
20 : 56

وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ

ඔවුන් කැමති පලතුරු සමග ද; info
التفاسير:

external-link copy
21 : 56

وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ

ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.) info
التفاسير:

external-link copy
22 : 56

وَحُوْرٌ عِیْنٌ ۟ۙ

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති. info
التفاسير:

external-link copy
23 : 56

كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ

(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය. info
التفاسير:

external-link copy
24 : 56

جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟

(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි. info
التفاسير:

external-link copy
25 : 56

لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ

ඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති. info
التفاسير:

external-link copy
26 : 56

اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟

සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස. info
التفاسير:

external-link copy
27 : 56

وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
28 : 56

فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය. info
التفاسير:

external-link copy
29 : 56

وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය. info
التفاسير:

external-link copy
30 : 56

وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ

තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය. info
التفاسير:

external-link copy
31 : 56

وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ

තවද ගලා යවනු ලබන ජලය අතර ය. info
التفاسير:

external-link copy
32 : 56

وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ

තවද බොහෝ පලතුරු අතර ය. info
التفاسير:

external-link copy
33 : 56

لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත. info
التفاسير:

external-link copy
34 : 56

وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ

තවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය. info
التفاسير:

external-link copy
35 : 56

اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ

නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු. info
التفاسير:

external-link copy
36 : 56

فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ

අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු. info
التفاسير:

external-link copy
37 : 56

عُرُبًا اَتْرَابًا ۟ۙ

පෙම්බර සම වයසැති, info
التفاسير:

external-link copy
38 : 56

لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.) info
التفاسير:

external-link copy
39 : 56

ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි. info
التفاسير:

external-link copy
40 : 56

وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි. info
التفاسير:

external-link copy
41 : 56

وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද? info
التفاسير:

external-link copy
42 : 56

فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය. info
التفاسير:

external-link copy
43 : 56

وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ

තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය. info
التفاسير:

external-link copy
44 : 56

لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟

(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත. info
التفاسير:

external-link copy
45 : 56

اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ. info
التفاسير:

external-link copy
46 : 56

وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ. info
التفاسير:

external-link copy
47 : 56

وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ. info
التفاسير:

external-link copy
48 : 56

اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟

“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?” info
التفاسير:

external-link copy
49 : 56

قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ

“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
50 : 56

لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟

ඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති. info
التفاسير:

external-link copy
51 : 56

ثُمَّ اِنَّكُمْ اَیُّهَا الضَّآلُّوْنَ الْمُكَذِّبُوْنَ ۟ۙ

ඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා! info
التفاسير:

external-link copy
52 : 56

لَاٰكِلُوْنَ مِنْ شَجَرٍ مِّنْ زَقُّوْمٍ ۟ۙ

නියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
53 : 56

فَمَالِـُٔوْنَ مِنْهَا الْبُطُوْنَ ۟ۚ

එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති. info
التفاسير:

external-link copy
54 : 56

فَشٰرِبُوْنَ عَلَیْهِ مِنَ الْحَمِیْمِ ۟ۚ

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
55 : 56

فَشٰرِبُوْنَ شُرْبَ الْهِیْمِ ۟ؕ

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
56 : 56

هٰذَا نُزُلُهُمْ یَوْمَ الدِّیْنِ ۟ؕ

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ. info
التفاسير:

external-link copy
57 : 56

نَحْنُ خَلَقْنٰكُمْ فَلَوْلَا تُصَدِّقُوْنَ ۟

අප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද? info
التفاسير:

external-link copy
58 : 56

اَفَرَءَیْتُمْ مَّا تُمْنُوْنَ ۟ؕ

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
59 : 56

ءَاَنْتُمْ تَخْلُقُوْنَهٗۤ اَمْ نَحْنُ الْخٰلِقُوْنَ ۟

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද? info
التفاسير:

external-link copy
60 : 56

نَحْنُ قَدَّرْنَا بَیْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوْقِیْنَ ۟ۙ

නුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු. info
التفاسير:

external-link copy
61 : 56

عَلٰۤی اَنْ نُّبَدِّلَ اَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِیْ مَا لَا تَعْلَمُوْنَ ۟

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.) info
التفاسير:

external-link copy
62 : 56

وَلَقَدْ عَلِمْتُمُ النَّشْاَةَ الْاُوْلٰی فَلَوْلَا تَذَكَّرُوْنَ ۟

තවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
63 : 56

اَفَرَءَیْتُمْ مَّا تَحْرُثُوْنَ ۟ؕ

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
64 : 56

ءَاَنْتُمْ تَزْرَعُوْنَهٗۤ اَمْ نَحْنُ الزّٰرِعُوْنَ ۟

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද? info
التفاسير:

external-link copy
65 : 56

لَوْ نَشَآءُ لَجَعَلْنٰهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُوْنَ ۟

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත. info
التفاسير:

external-link copy
66 : 56

اِنَّا لَمُغْرَمُوْنَ ۟ۙ

“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.” info
التفاسير:

external-link copy
67 : 56

بَلْ نَحْنُ مَحْرُوْمُوْنَ ۟

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.) info
التفاسير:

external-link copy
68 : 56

اَفَرَءَیْتُمُ الْمَآءَ الَّذِیْ تَشْرَبُوْنَ ۟ؕ

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
69 : 56

ءَاَنْتُمْ اَنْزَلْتُمُوْهُ مِنَ الْمُزْنِ اَمْ نَحْنُ الْمُنْزِلُوْنَ ۟

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද? info
التفاسير:

external-link copy
70 : 56

لَوْ نَشَآءُ جَعَلْنٰهُ اُجَاجًا فَلَوْلَا تَشْكُرُوْنَ ۟

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද? info
التفاسير:

external-link copy
71 : 56

اَفَرَءَیْتُمُ النَّارَ الَّتِیْ تُوْرُوْنَ ۟ؕ

නුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද? info
التفاسير:

external-link copy
72 : 56

ءَاَنْتُمْ اَنْشَاْتُمْ شَجَرَتَهَاۤ اَمْ نَحْنُ الْمُنْشِـُٔوْنَ ۟

(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද? info
التفاسير:

external-link copy
73 : 56

نَحْنُ جَعَلْنٰهَا تَذْكِرَةً وَّمَتَاعًا لِّلْمُقْوِیْنَ ۟ۚ

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු. info
التفاسير:

external-link copy
74 : 56

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟

එහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු. info
التفاسير:

external-link copy
75 : 56

فَلَاۤ اُقْسِمُ بِمَوٰقِعِ النُّجُوْمِ ۟ۙ

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි. info
التفاسير:

external-link copy
76 : 56

وَاِنَّهٗ لَقَسَمٌ لَّوْ تَعْلَمُوْنَ عَظِیْمٌ ۟ۙ

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි. info
التفاسير:

external-link copy
77 : 56

اِنَّهٗ لَقُرْاٰنٌ كَرِیْمٌ ۟ۙ

නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි. info
التفاسير:

external-link copy
78 : 56

فِیْ كِتٰبٍ مَّكْنُوْنٍ ۟ۙ

ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ. info
التفاسير:

external-link copy
79 : 56

لَّا یَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَ ۟ؕ

එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති. info
التفاسير:

external-link copy
80 : 56

تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟

ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි. info
التفاسير:

external-link copy
81 : 56

اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ

නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ? info
التفاسير:

external-link copy
82 : 56

وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ ۟

තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද? info
التفاسير:

external-link copy
83 : 56

فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَ ۟ۙ

(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට; info
التفاسير:

external-link copy
84 : 56

وَاَنْتُمْ حِیْنَىِٕذٍ تَنْظُرُوْنَ ۟ۙ

නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය. info
التفاسير:

external-link copy
85 : 56

وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟

තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත. info
التفاسير:

external-link copy
86 : 56

فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَیْرَ مَدِیْنِیْنَ ۟ۙ

එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්; info
التفاسير:

external-link copy
87 : 56

تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු. info
التفاسير:

external-link copy
88 : 56

فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ

ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්; info
التفاسير:

external-link copy
89 : 56

فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬— وَّجَنَّتُ نَعِیْمٍ ۟

සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත. info
التفاسير:

external-link copy
90 : 56

وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ۙ

තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්; info
التفاسير:

external-link copy
91 : 56

فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟

දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි. info
التفاسير:

external-link copy
92 : 56

وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِیْنَ الضَّآلِّیْنَ ۟ۙ

ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්; info
التفاسير:

external-link copy
93 : 56

فَنُزُلٌ مِّنْ حَمِیْمٍ ۟ۙ

එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත. info
التفاسير:

external-link copy
94 : 56

وَّتَصْلِیَةُ جَحِیْمٍ ۟

තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත. info
التفاسير:

external-link copy
95 : 56

اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْیَقِیْنِ ۟ۚ

ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය. info
التفاسير:

external-link copy
96 : 56

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠

එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු. info
التفاسير: