আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

අත් තාරික්

external-link copy
1 : 86

وَالسَّمَآءِ وَالطَّارِقِ ۟ۙ

අහස මත ද තාරික් මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
2 : 86

وَمَاۤ اَدْرٰىكَ مَا الطَّارِقُ ۟ۙ

තාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද? info
التفاسير:

external-link copy
3 : 86

النَّجْمُ الثَّاقِبُ ۟ۙ

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි. info
التفاسير:

external-link copy
4 : 86

اِنْ كُلُّ نَفْسٍ لَّمَّا عَلَیْهَا حَافِظٌ ۟ؕ

නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත. info
التفاسير:

external-link copy
5 : 86

فَلْیَنْظُرِ الْاِنْسَانُ مِمَّ خُلِقَ ۟ؕ

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා! info
التفاسير:

external-link copy
6 : 86

خُلِقَ مِنْ مَّآءٍ دَافِقٍ ۟ۙ

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය. info
التفاسير:

external-link copy
7 : 86

یَّخْرُجُ مِنْ بَیْنِ الصُّلْبِ وَالتَّرَآىِٕبِ ۟ؕ

කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ. info
التفاسير:

external-link copy
8 : 86

اِنَّهٗ عَلٰی رَجْعِهٖ لَقَادِرٌ ۟ؕ

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය. info
التفاسير:

external-link copy
9 : 86

یَوْمَ تُبْلَی السَّرَآىِٕرُ ۟ۙ

එදින රහස්‍ය දෑ හෙළි කරනු ලැබේ. info
التفاسير:

external-link copy
10 : 86

فَمَا لَهٗ مِنْ قُوَّةٍ وَّلَا نَاصِرٍ ۟ؕ

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත. info
التفاسير:

external-link copy
11 : 86

وَالسَّمَآءِ ذَاتِ الرَّجْعِ ۟ۙ

තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
12 : 86

وَالْاَرْضِ ذَاتِ الصَّدْعِ ۟ۙ

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්, info
التفاسير:

external-link copy
13 : 86

اِنَّهٗ لَقَوْلٌ فَصْلٌ ۟ۙ

සැබැවින් ම එය තීරණාත්මක වදනකි. info
التفاسير:

external-link copy
14 : 86

وَّمَا هُوَ بِالْهَزْلِ ۟ؕ

තවද එය සරදමක් නො වේ. info
التفاسير:

external-link copy
15 : 86

اِنَّهُمْ یَكِیْدُوْنَ كَیْدًا ۟ۙ

සැබැවින්ම ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කරති. info
التفاسير:

external-link copy
16 : 86

وَّاَكِیْدُ كَیْدًا ۟ۚۖ

මම ද සැලසුමක් සැලසුම් කරමි. info
التفاسير:

external-link copy
17 : 86

فَمَهِّلِ الْكٰفِرِیْنَ اَمْهِلْهُمْ رُوَیْدًا ۟۠

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු. info
التفاسير: