আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

අල් මුතෆ්ෆිෆීන්

external-link copy
1 : 83

وَیْلٌ لِّلْمُطَفِّفِیْنَ ۟ۙ

කිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය. info
التفاسير:

external-link copy
2 : 83

الَّذِیْنَ اِذَا اكْتَالُوْا عَلَی النَّاسِ یَسْتَوْفُوْنَ ۟ؗۖ

ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති. info
التفاسير:

external-link copy
3 : 83

وَاِذَا كَالُوْهُمْ اَوْ وَّزَنُوْهُمْ یُخْسِرُوْنَ ۟ؕ

කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති. info
التفاسير:

external-link copy
4 : 83

اَلَا یَظُنُّ اُولٰٓىِٕكَ اَنَّهُمْ مَّبْعُوْثُوْنَ ۟ۙ

නියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද? info
التفاسير:

external-link copy
5 : 83

لِیَوْمٍ عَظِیْمٍ ۟ۙ

මහත් වූ දිනයක් සඳහා. info
التفاسير:

external-link copy
6 : 83

یَّوْمَ یَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟ؕ

එදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත. info
التفاسير:

external-link copy
7 : 83

كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِیْ سِجِّیْنٍ ۟ؕ

නොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය. info
التفاسير:

external-link copy
8 : 83

وَمَاۤ اَدْرٰىكَ مَا سِجِّیْنٌ ۟ؕ

(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
9 : 83

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ؕ

(එය) ලියන ලද වාර්තා පොතකි. info
التفاسير:

external-link copy
10 : 83

وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ

බොරු කරන්නන්හට එදින විනාශය ය. info
التفاسير:

external-link copy
11 : 83

الَّذِیْنَ یُكَذِّبُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟ؕ

මොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති. info
التفاسير:

external-link copy
12 : 83

وَمَا یُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ

සීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත. info
التفاسير:

external-link copy
13 : 83

اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ؕ

අපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි. info
التفاسير:

external-link copy
14 : 83

كَلَّا بَلْ ٚ— رَانَ عَلٰی قُلُوْبِهِمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟

නොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත. info
التفاسير:

external-link copy
15 : 83

كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ یَوْمَىِٕذٍ لَّمَحْجُوْبُوْنَ ۟ؕ

නොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය. info
التفاسير:

external-link copy
16 : 83

ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِیْمِ ۟ؕ

තවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති. info
التفاسير:

external-link copy
17 : 83

ثُمَّ یُقَالُ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ؕ

ඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ. info
التفاسير:

external-link copy
18 : 83

كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِیْ عِلِّیِّیْنَ ۟ؕ

නොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය. info
التفاسير:

external-link copy
19 : 83

وَمَاۤ اَدْرٰىكَ مَا عِلِّیُّوْنَ ۟ؕ

තවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද? info
التفاسير:

external-link copy
20 : 83

كِتٰبٌ مَّرْقُوْمٌ ۟ۙ

(එය) ලියන ලද වාර්තා පොතකි. info
التفاسير:

external-link copy
21 : 83

یَّشْهَدُهُ الْمُقَرَّبُوْنَ ۟ؕ

(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති. info
التفاسير:

external-link copy
22 : 83

اِنَّ الْاَبْرَارَ لَفِیْ نَعِیْمٍ ۟ۙ

නියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති. info
التفاسير:

external-link copy
23 : 83

عَلَی الْاَرَآىِٕكِ یَنْظُرُوْنَ ۟ۙ

කවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති. info
التفاسير:

external-link copy
24 : 83

تَعْرِفُ فِیْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِیْمِ ۟ۚ

(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත. info
التفاسير:

external-link copy
25 : 83

یُسْقَوْنَ مِنْ رَّحِیْقٍ مَّخْتُوْمٍ ۟ۙ

මුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති. info
التفاسير:

external-link copy
26 : 83

خِتٰمُهٗ مِسْكٌ ؕ— وَفِیْ ذٰلِكَ فَلْیَتَنَافَسِ الْمُتَنٰفِسُوْنَ ۟ؕ

එහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා. info
التفاسير:

external-link copy
27 : 83

وَمِزَاجُهٗ مِنْ تَسْنِیْمٍ ۟ۙ

තවද එහි මිශ්‍රණය තස්නීමයෙනි. info
التفاسير:

external-link copy
28 : 83

عَیْنًا یَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۟ؕ

එය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි. info
التفاسير:

external-link copy
29 : 83

اِنَّ الَّذِیْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِیْنَ اٰمَنُوْا یَضْحَكُوْنَ ۟ؗۖ

නියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය. info
التفاسير:

external-link copy
30 : 83

وَاِذَا مَرُّوْا بِهِمْ یَتَغَامَزُوْنَ ۟ؗۖ

තවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය. info
التفاسير:

external-link copy
31 : 83

وَاِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِیْنَ ۟ؗۖ

තවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය. info
التفاسير:

external-link copy
32 : 83

وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰۤؤُلَآءِ لَضَآلُّوْنَ ۟ۙ

තවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති. info
التفاسير:

external-link copy
33 : 83

وَمَاۤ اُرْسِلُوْا عَلَیْهِمْ حٰفِظِیْنَ ۟ؕ

තවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය. info
التفاسير:

external-link copy
34 : 83

فَالْیَوْمَ الَّذِیْنَ اٰمَنُوْا مِنَ الْكُفَّارِ یَضْحَكُوْنَ ۟ۙ

එහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති. info
التفاسير:

external-link copy
35 : 83

عَلَی الْاَرَآىِٕكِ ۙ— یَنْظُرُوْنَ ۟ؕ

සුව පහසු කවිච්චි මත වී සිරි නරඹති. info
التفاسير:

external-link copy
36 : 83

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوْا یَفْعَلُوْنَ ۟۠

ප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද? info
التفاسير: