আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

අන් නජ්ම්

external-link copy
1 : 53

وَالنَّجْمِ اِذَا هَوٰی ۟ۙ

තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්; info
التفاسير:

external-link copy
2 : 53

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوٰی ۟ۚ

තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය. info
التفاسير:

external-link copy
3 : 53

وَمَا یَنْطِقُ عَنِ الْهَوٰی ۟ؕۚ

තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි. info
التفاسير:

external-link copy
4 : 53

اِنْ هُوَ اِلَّا وَحْیٌ یُّوْحٰی ۟ۙ

එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත. info
التفاسير:

external-link copy
5 : 53

عَلَّمَهٗ شَدِیْدُ الْقُوٰی ۟ۙ

අතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය. info
التفاسير:

external-link copy
6 : 53

ذُوْ مِرَّةٍ ؕ— فَاسْتَوٰی ۟ۙ

(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය. info
التفاسير:

external-link copy
7 : 53

وَهُوَ بِالْاُفُقِ الْاَعْلٰی ۟ؕ

තවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය. info
التفاسير:

external-link copy
8 : 53

ثُمَّ دَنَا فَتَدَلّٰی ۟ۙ

පසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය. info
التفاسير:

external-link copy
9 : 53

فَكَانَ قَابَ قَوْسَیْنِ اَوْ اَدْنٰی ۟ۚ

එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය. info
التفاسير:

external-link copy
10 : 53

فَاَوْحٰۤی اِلٰی عَبْدِهٖ مَاۤ اَوْحٰی ۟ؕ

එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය. info
التفاسير:

external-link copy
11 : 53

مَا كَذَبَ الْفُؤَادُ مَا رَاٰی ۟

ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය. info
التفاسير:

external-link copy
12 : 53

اَفَتُمٰرُوْنَهٗ عَلٰی مَا یَرٰی ۟

එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද? info
التفاسير:

external-link copy
13 : 53

وَلَقَدْ رَاٰهُ نَزْلَةً اُخْرٰی ۟ۙ

තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය. info
التفاسير:

external-link copy
14 : 53

عِنْدَ سِدْرَةِ الْمُنْتَهٰی ۟

සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය. info
التفاسير:

external-link copy
15 : 53

عِنْدَهَا جَنَّةُ الْمَاْوٰی ۟ؕ

ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය. info
التفاسير:

external-link copy
16 : 53

اِذْ یَغْشَی السِّدْرَةَ مَا یَغْشٰی ۟ۙ

සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට; info
التفاسير:

external-link copy
17 : 53

مَا زَاغَ الْبَصَرُ وَمَا طَغٰی ۟

(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය. info
التفاسير:

external-link copy
18 : 53

لَقَدْ رَاٰی مِنْ اٰیٰتِ رَبِّهِ الْكُبْرٰی ۟

තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය. info
التفاسير:

external-link copy
19 : 53

اَفَرَءَیْتُمُ اللّٰتَ وَالْعُزّٰی ۟ۙ

ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද? info
التفاسير:

external-link copy
20 : 53

وَمَنٰوةَ الثَّالِثَةَ الْاُخْرٰی ۟

අනෙක් තුන්වැනියා මනාත් ය. info
التفاسير:

external-link copy
21 : 53

اَلَكُمُ الذَّكَرُ وَلَهُ الْاُ ۟

නුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද? info
التفاسير:

external-link copy
22 : 53

تِلْكَ اِذًا قِسْمَةٌ ضِیْزٰی ۟

එවිට එය අසාධාරණ බෙදීමකි. info
التفاسير:

external-link copy
23 : 53

اِنْ هِیَ اِلَّاۤ اَسْمَآءٌ سَمَّیْتُمُوْهَاۤ اَنْتُمْ وَاٰبَآؤُكُمْ مَّاۤ اَنْزَلَ اللّٰهُ بِهَا مِنْ سُلْطٰنٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ وَمَا تَهْوَی الْاَنْفُسُ ۚ— وَلَقَدْ جَآءَهُمْ مِّنْ رَّبِّهِمُ الْهُدٰی ۟ؕ

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත. info
التفاسير:

external-link copy
24 : 53

اَمْ لِلْاِنْسَانِ مَا تَمَنّٰی ۟ؗۖ

එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද? info
التفاسير:

external-link copy
25 : 53

فَلِلّٰهِ الْاٰخِرَةُ وَالْاُوْلٰی ۟۠

එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය. info
التفاسير:

external-link copy
26 : 53

وَكَمْ مِّنْ مَّلَكٍ فِی السَّمٰوٰتِ لَا تُغْنِیْ شَفَاعَتُهُمْ شَیْـًٔا اِلَّا مِنْ بَعْدِ اَنْ یَّاْذَنَ اللّٰهُ لِمَنْ یَّشَآءُ وَیَرْضٰی ۟

අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. info
التفاسير:

external-link copy
27 : 53

اِنَّ الَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ لَیُسَمُّوْنَ الْمَلٰٓىِٕكَةَ تَسْمِیَةَ الْاُ ۟

නියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති. info
التفاسير:

external-link copy
28 : 53

وَمَا لَهُمْ بِهٖ مِنْ عِلْمٍ ؕ— اِنْ یَّتَّبِعُوْنَ اِلَّا الظَّنَّ ۚ— وَاِنَّ الظَّنَّ لَا یُغْنِیْ مِنَ الْحَقِّ شَیْـًٔا ۟ۚ

තවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි. info
التفاسير:

external-link copy
29 : 53

فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰی ۙ۬— عَنْ ذِكْرِنَا وَلَمْ یُرِدْ اِلَّا الْحَیٰوةَ الدُّنْیَا ۟ؕ

එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු. info
التفاسير:

external-link copy
30 : 53

ذٰلِكَ مَبْلَغُهُمْ مِّنَ الْعِلْمِ ؕ— اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ وَهُوَ اَعْلَمُ بِمَنِ اهْتَدٰی ۟

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය. info
التفاسير:

external-link copy
31 : 53

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ۙ— لِیَجْزِیَ الَّذِیْنَ اَسَآءُوْا بِمَا عَمِلُوْا وَیَجْزِیَ الَّذِیْنَ اَحْسَنُوْا بِالْحُسْنٰی ۟ۚ

තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය. info
التفاسير:

external-link copy
32 : 53

اَلَّذِیْنَ یَجْتَنِبُوْنَ كَبٰٓىِٕرَ الْاِثْمِ وَالْفَوَاحِشَ اِلَّا اللَّمَمَ ؕ— اِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ؕ— هُوَ اَعْلَمُ بِكُمْ اِذْ اَنْشَاَكُمْ مِّنَ الْاَرْضِ وَاِذْ اَنْتُمْ اَجِنَّةٌ فِیْ بُطُوْنِ اُمَّهٰتِكُمْ ۚ— فَلَا تُزَكُّوْۤا اَنْفُسَكُمْ ؕ— هُوَ اَعْلَمُ بِمَنِ اتَّقٰی ۟۠

ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය. info
التفاسير:

external-link copy
33 : 53

اَفَرَءَیْتَ الَّذِیْ تَوَلّٰی ۟ۙ

(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද? info
التفاسير:

external-link copy
34 : 53

وَاَعْطٰی قَلِیْلًا وَّاَكْدٰی ۟

තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය. info
التفاسير:

external-link copy
35 : 53

اَعِنْدَهٗ عِلْمُ الْغَیْبِ فَهُوَ یَرٰی ۟

ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද? info
التفاسير:

external-link copy
36 : 53

اَمْ لَمْ یُنَبَّاْ بِمَا فِیْ صُحُفِ مُوْسٰی ۟ۙ

එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද? info
التفاسير:

external-link copy
37 : 53

وَاِبْرٰهِیْمَ الَّذِیْ وَ ۟ۙ

(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?) info
التفاسير:

external-link copy
38 : 53

اَلَّا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۟ۙ

එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත. info
التفاسير:

external-link copy
39 : 53

وَاَنْ لَّیْسَ لِلْاِنْسَانِ اِلَّا مَا سَعٰی ۟ۙ

තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත. info
التفاسير:

external-link copy
40 : 53

وَاَنَّ سَعْیَهٗ سَوْفَ یُرٰی ۟

තවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ. info
التفاسير:

external-link copy
41 : 53

ثُمَّ یُجْزٰىهُ الْجَزَآءَ الْاَوْفٰی ۟ۙ

පසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.) info
التفاسير:

external-link copy
42 : 53

وَاَنَّ اِلٰی رَبِّكَ الْمُنْتَهٰی ۟ۙ

තවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය. info
التفاسير:

external-link copy
43 : 53

وَاَنَّهٗ هُوَ اَضْحَكَ وَاَبْكٰی ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය. info
التفاسير:

external-link copy
44 : 53

وَاَنَّهٗ هُوَ اَمَاتَ وَاَحْیَا ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය. info
التفاسير:

external-link copy
45 : 53

وَاَنَّهٗ خَلَقَ الزَّوْجَیْنِ الذَّكَرَ وَالْاُ ۟ۙ

නියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය. info
التفاسير:

external-link copy
46 : 53

مِنْ نُّطْفَةٍ اِذَا تُمْنٰی ۪۟

ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය). info
التفاسير:

external-link copy
47 : 53

وَاَنَّ عَلَیْهِ النَّشْاَةَ الْاُخْرٰی ۟ۙ

තවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය. info
التفاسير:

external-link copy
48 : 53

وَاَنَّهٗ هُوَ اَغْنٰی وَاَقْنٰی ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය. info
التفاسير:

external-link copy
49 : 53

وَاَنَّهٗ هُوَ رَبُّ الشِّعْرٰی ۟ۙ

තවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ. info
التفاسير:

external-link copy
50 : 53

وَاَنَّهٗۤ اَهْلَكَ عَادَا ١لْاُوْلٰی ۟ۙ

තවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය. info
التفاسير:

external-link copy
51 : 53

وَثَمُوْدَاۡ فَمَاۤ اَبْقٰی ۟ۙ

තවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය. info
التفاسير:

external-link copy
52 : 53

وَقَوْمَ نُوْحٍ مِّنْ قَبْلُ ؕ— اِنَّهُمْ كَانُوْا هُمْ اَظْلَمَ وَاَطْغٰی ۟ؕ

තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය. info
التفاسير:

external-link copy
53 : 53

وَالْمُؤْتَفِكَةَ اَهْوٰی ۟ۙ

තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය. info
التفاسير:

external-link copy
54 : 53

فَغَشّٰىهَا مَا غَشّٰی ۟ۚ

එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය. info
التفاسير:

external-link copy
55 : 53

فَبِاَیِّ اٰلَآءِ رَبِّكَ تَتَمَارٰی ۟

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද? info
التفاسير:

external-link copy
56 : 53

هٰذَا نَذِیْرٌ مِّنَ النُّذُرِ الْاُوْلٰی ۟

මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි. info
التفاسير:

external-link copy
57 : 53

اَزِفَتِ الْاٰزِفَةُ ۟ۚ

සමීප වන දෑ සමීප වී ඇත. info
التفاسير:

external-link copy
58 : 53

لَیْسَ لَهَا مِنْ دُوْنِ اللّٰهِ كَاشِفَةٌ ۟ؕ

අල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත. info
التفاسير:

external-link copy
59 : 53

اَفَمِنْ هٰذَا الْحَدِیْثِ تَعْجَبُوْنَ ۟ۙ

එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද? info
التفاسير:

external-link copy
60 : 53

وَتَضْحَكُوْنَ وَلَا تَبْكُوْنَ ۟ۙ

තවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය. info
التفاسير:

external-link copy
61 : 53

وَاَنْتُمْ سٰمِدُوْنَ ۟

නුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති. info
التفاسير:

external-link copy
62 : 53

فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۟

එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු. info
التفاسير: