আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

পৃষ্ঠা নং:close

external-link copy
128 : 4

وَاِنِ امْرَاَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوْزًا اَوْ اِعْرَاضًا فَلَا جُنَاحَ عَلَیْهِمَاۤ اَنْ یُّصْلِحَا بَیْنَهُمَا صُلْحًا ؕ— وَالصُّلْحُ خَیْرٌ ؕ— وَاُحْضِرَتِ الْاَنْفُسُ الشُّحَّ ؕ— وَاِنْ تُحْسِنُوْا وَتَتَّقُوْا فَاِنَّ اللّٰهَ كَانَ بِمَا تَعْمَلُوْنَ خَبِیْرًا ۟

කාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නො වේ. සමතය ශ්‍රේෂ්ඨ ය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥාන වන්ත ය. info
التفاسير:

external-link copy
129 : 4

وَلَنْ تَسْتَطِیْعُوْۤا اَنْ تَعْدِلُوْا بَیْنَ النِّسَآءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِیْلُوْا كُلَّ الْمَیْلِ فَتَذَرُوْهَا كَالْمُعَلَّقَةِ ؕ— وَاِنْ تُصْلِحُوْا وَتَتَّقُوْا فَاِنَّ اللّٰهَ كَانَ غَفُوْرًا رَّحِیْمًا ۟

තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නො දරන්නෙහු ම ය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇයව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නො දමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය. info
التفاسير:

external-link copy
130 : 4

وَاِنْ یَّتَفَرَّقَا یُغْنِ اللّٰهُ كُلًّا مِّنْ سَعَتِهٖ ؕ— وَكَانَ اللّٰهُ وَاسِعًا حَكِیْمًا ۟

ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය. info
التفاسير:

external-link copy
131 : 4

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَلَقَدْ وَصَّیْنَا الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ مِنْ قَبْلِكُمْ وَاِیَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهَ ؕ— وَاِنْ تَكْفُرُوْا فَاِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَانَ اللّٰهُ غَنِیًّا حَمِیْدًا ۟

අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින් ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් පොහොසත් ය; ප්‍රශංසාලාභී ය. info
التفاسير:

external-link copy
132 : 4

وَلِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَكَفٰی بِاللّٰهِ وَكِیْلًا ۟

අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. info
التفاسير:

external-link copy
133 : 4

اِنْ یَّشَاْ یُذْهِبْكُمْ اَیُّهَا النَّاسُ وَیَاْتِ بِاٰخَرِیْنَ ؕ— وَكَانَ اللّٰهُ عَلٰی ذٰلِكَ قَدِیْرًا ۟

අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලාව පහකොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්ත ය. info
التفاسير:

external-link copy
134 : 4

مَنْ كَانَ یُرِیْدُ ثَوَابَ الدُّنْیَا فَعِنْدَ اللّٰهِ ثَوَابُ الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَكَانَ اللّٰهُ سَمِیْعًا بَصِیْرًا ۟۠

කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතුලොව කුසල් අල්ලාහ් අබියස ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය. info
التفاسير: