আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - ছিনহালি অনুবাদ- ৰুওৱাদ অনুবাদ চেণ্টাৰ

পৃষ্ঠা নং:close

external-link copy
56 : 25

وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟

තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹව නො එව්වෙමු. info
التفاسير:

external-link copy
57 : 25

قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ اِلَّا مَنْ شَآءَ اَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟

කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නො ඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير:

external-link copy
58 : 25

وَتَوَكَّلْ عَلَی الْحَیِّ الَّذِیْ لَا یَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖ ؕ— وَكَفٰی بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرَا ۟

තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත් ය. info
التفاسير:

external-link copy
59 : 25

١لَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۛۚ— اَلرَّحْمٰنُ فَسْـَٔلْ بِهٖ خَبِیْرًا ۟

ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ ය. පසුව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳව අභිඥානවත් අයෙකුගෙන් විමසනු. info
التفاسير:

external-link copy
60 : 25

وَاِذَا قِیْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ ۚ— قَالُوْا وَمَا الرَّحْمٰنُ ۗ— اَنَسْجُدُ لِمَا تَاْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۟

තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැ? යි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේ ය. info
التفاسير:

external-link copy
61 : 25

تَبٰرَكَ الَّذِیْ جَعَلَ فِی السَّمَآءِ بُرُوْجًا وَّجَعَلَ فِیْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِیْرًا ۟

අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා) ද ආලෝකය විහිදු වන සඳු ද ඔහු එහි ඇති කළේ ය. info
التفاسير:

external-link copy
62 : 25

وَهُوَ الَّذِیْ جَعَلَ الَّیْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ اَرَادَ اَنْ یَّذَّكَّرَ اَوْ اَرَادَ شُكُوْرًا ۟

තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල අනුපිළිවලින් (ගමන් කරන්නට) ඇති කළේ ඔහු ය. info
التفاسير:

external-link copy
63 : 25

وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟

තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානීව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමඟ කතා කළ විට සාමය වේවා! යැයි පවසති. info
التفاسير:

external-link copy
64 : 25

وَالَّذِیْنَ یَبِیْتُوْنَ لِرَبِّهِمْ سُجَّدًا وَّقِیَامًا ۟

තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද, නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති. info
التفاسير:

external-link copy
65 : 25

وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖۗ— اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۟ۗۖ

තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති. info
التفاسير:

external-link copy
66 : 25

اِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟

නියත වශයෙන් ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත. info
التفاسير:

external-link copy
67 : 25

وَالَّذِیْنَ اِذَاۤ اَنْفَقُوْا لَمْ یُسْرِفُوْا وَلَمْ یَقْتُرُوْا وَكَانَ بَیْنَ ذٰلِكَ قَوَامًا ۟

තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය. info
التفاسير: