పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

పేజీ నెంబరు:close

external-link copy
62 : 38

وَقَالُوْا مَا لَنَا لَا نَرٰی رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِّنَ الْاَشْرَارِ ۟ؕ

අහංකාරකම් පෑ අපරාධකරුවෝ, ‘දඬුවමට සුදුසුකම් ලබන අභාග්යවන්තයින් යැයි මෙලොවෙහි අපි ගණන් ගනිමින් සිටි පුද්ගලයින් අප සමඟ නිරයේ අපි නොදකිනුයේ මන්දැ?’යි විමසා සිටිති. info
التفاسير:

external-link copy
63 : 38

اَتَّخَذْنٰهُمْ سِخْرِیًّا اَمْ زَاغَتْ عَنْهُمُ الْاَبْصَارُ ۟

අප ඔවුනට කළ අපගේ හාස්යය හා අපගේ සරදම වැරදී, ඔවුන් දඬුවමට සුදුසුකම් නොලැබුවෝ ද? එසේ නැතහොත් සැබැවින් ඔවුනට අප කළ සරදම නිවැරදි වී ඔවුන් නිරයට පිවිසී අපගේ දෑසට ඔවුන් හසු නොවී ද? info
التفاسير:

external-link copy
64 : 38

اِنَّ ذٰلِكَ لَحَقٌّ تَخَاصُمُ اَهْلِ النَّارِ ۟۠

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේපකයින් අතර පවතින ඔවුන්ගේ වාදය ගැන අපි නුඹලාට මෙනෙහි කළ මෙය, කිසිදු සැකයක් හෝ මුසුවක් හෝ නොමැති සැබෑවකි. info
التفاسير:

external-link copy
65 : 38

قُلْ اِنَّمَاۤ اَنَا مُنْذِرٌ ۖۗ— وَّمَا مِنْ اِلٰهٍ اِلَّا اللّٰهُ الْوَاحِدُ الْقَهَّارُ ۟ۚ

අහෝ මුහම්මද්! නුඹේ ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයින්හට මෙසේ පවසනු. ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නෙකු පමණි. සුවිශුද්ධ අල්ලාහ් හැර නැමදුමට සුදුසු වෙනත් කිසිදු දෙවියෙකු දකින්නට නැත. ඔහුගේ බලය, ඔහුගේ ගුණය හා ඔහුගේ නාමවල ඔහු වෙනමම පැවැත්මක් ඇත්තෙකි. එහෙයින් ඔහු සියලු දෑ මඩලන බල පරාක්රමයාය. සෑම දෙයක්ම ඔහුට යටත්ය. info
التفاسير:

external-link copy
66 : 38

رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا الْعَزِیْزُ الْغَفَّارُ ۟

ඔහු අහස්හි පරමාධිපතිය. මහපොළොවේ ද පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය. ඔහුගේ රාජ්යය තුළ ඔහු ව කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන් සඳහා අති ක්ෂමාශීලීය. info
التفاسير:

external-link copy
67 : 38

قُلْ هُوَ نَبَؤٌا عَظِیْمٌ ۟ۙ

අහෝ දූතය! එම බොරුකාරයින්හට, ‘සැබවින්ම අල් කුර්නආය අතිමහත් කරුණකින් යුත් පණිවිඩයකි’ යැයි පවසනු. info
التفاسير:

external-link copy
68 : 38

اَنْتُمْ عَنْهُ مُعْرِضُوْنَ ۟

අති මහත් කරුණ සහිත මෙම පණිවිඩය නුඹලා ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස නුඹලා හැරී නොබලති. info
التفاسير:

external-link copy
69 : 38

مَا كَانَ لِیَ مِنْ عِلْمٍ بِالْمَلَاِ الْاَعْلٰۤی اِذْ یَخْتَصِمُوْنَ ۟

ආදම් මැවීමේ කරුණ පිළිබඳ මලක්වරුන් අතර හුවමාරු වූ කතාව අල්ලාහ් මට දන්වා එය මට උගන්වා නොදුන්නේ නම් ඒ ගැන කිසිදු දැනුමක් මාහට නොවීය. info
التفاسير:

external-link copy
70 : 38

اِنْ یُّوْحٰۤی اِلَیَّ اِلَّاۤ اَنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟

සැබැවින්ම අල්ලාහ් මා වෙත දිව්ය පණිවිඩ පහළ කර ඇත්තේ ඔහු මා වෙත දැන්විය යුතු දෑ පමණය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලි ලෙස අවවාද කරන්නෙකු වන බැවිණි. info
التفاسير:

external-link copy
71 : 38

اِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓىِٕكَةِ اِنِّیْ خَالِقٌۢ بَشَرًا مِّنْ طِیْنٍ ۟

‘සැබවින්ම මම පසින් මිනිසෙකු මවන්නට යමි. ඔහු ආදම්(අලයිහිස් සලාම්) වේ’ යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්හට පවසා සිටි අවස්ථාව මෙනෙහි කරනු. info
التفاسير:

external-link copy
72 : 38

فَاِذَا سَوَّیْتُهٗ وَنَفَخْتُ فِیْهِ مِنْ رُّوْحِیْ فَقَعُوْا لَهٗ سٰجِدِیْنَ ۟

ඔහුගේ ස්වරූපය සකසා ඔහුගේ හැඩය විධිමත් කොට මාගේ ප්රාණයෙන් ඔහු තුළ මා පිඹූ විට නුඹලා ඔහුට හිස පහත් කොට ආචාර කරනු. info
التفاسير:

external-link copy
73 : 38

فَسَجَدَ الْمَلٰٓىِٕكَةُ كُلُّهُمْ اَجْمَعُوْنَ ۟ۙ

මලක්වරුන් තම පරමාධිපතිගේ නියෝගය පිළිපැද්දෝය. ඔවුන් සියලු දෙනාම ගෞරව කිරීමේ ආචාරයක් ලෙස සිරස නමා ආචාරය කළෝය. ඔවුන් අතර ආදම්ට සිරස නමා ආචාර නොකළ කිසිවකු නොවීය. info
التفاسير:

external-link copy
74 : 38

اِلَّاۤ اِبْلِیْسَ ؕ— اِسْتَكْبَرَ وَكَانَ مِنَ الْكٰفِرِیْنَ ۟

නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. දේව ප්රතික්ෂේපකයින්ගෙන් කෙනෙකු විය. info
التفاسير:

external-link copy
75 : 38

قَالَ یٰۤاِبْلِیْسُ مَا مَنَعَكَ اَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِیَدَیَّ ؕ— اَسْتَكْبَرْتَ اَمْ كُنْتَ مِنَ الْعَالِیْنَ ۟

"අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මැවූ ආදම්ට සිරස නමා ආචාර කිරීමෙන් නුඹව වළක්වාලීයේ කුමක්ද? එසේ ආචාර කිරීමෙන් නුඹ ව වැළැක්වූයේ උඩඟුකම ද එසේ නැතහොත් මීට පෙර නුඹේ පරමාධිපතිට වඩා ඉහළින් අහංකාරයෙන් නුඹ වැජඹුණෙහි ද?" යැයි අල්ලාහ් විමසුවේය. info
التفاسير:

external-link copy
76 : 38

قَالَ اَنَا خَیْرٌ مِّنْهُ ؕ— خَلَقْتَنِیْ مِنْ نَّارٍ وَّخَلَقْتَهٗ مِنْ طِیْنٍ ۟

ඉබ්ලීස්: ‘මම ආදම්ට වඩා ශ්රේෂ්ඨය. සැබැවින්ම නුඹ මා මැව්වේ ගින්නෙනි. නුඹ ඔහුව මවා ඇත්තේ පසිනි. ඔහුගේ විශ්වාසය අනුව සැබැවින්ම ගින්න පසට වඩා ශ්රේෂ්ඨ වස්තුවකි.’ යැයි පැවසීය. info
التفاسير:

external-link copy
77 : 38

قَالَ فَاخْرُجْ مِنْهَا فَاِنَّكَ رَجِیْمٌ ۟ۙۖ

‘නුඹ ස්වර්ගයෙන් බැහැරට යනු. සැබැවින්ම නුඹ දෝශාරෝපණයට ලත් ශාප කරනු ලැබූවෙකි’ යැයි අල්ලාහ් ඉබ්ලීස්ට පැවසීය. info
التفاسير:

external-link copy
78 : 38

وَّاِنَّ عَلَیْكَ لَعْنَتِیْۤ اِلٰی یَوْمِ الدِّیْنِ ۟

ප්රතිඵල පිරිනමනු ලබන දිනය දක්වා නුඹට එරෙහි ව ස්වර්ගයෙන් නෙරපීමක් ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. info
التفاسير:

external-link copy
79 : 38

قَالَ رَبِّ فَاَنْظِرْنِیْۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟

ඉබ්ලීස් ‘එසේ නම්, නුඹ මට කල් දෙනු. නුඹේ ගැත්තන් යළි අවදි කරනු ලබන දිනය දක්වා මා මරණයට පත් නොකරනු’ යැයි පැවසීය. info
التفاسير:

external-link copy
80 : 38

قَالَ فَاِنَّكَ مِنَ الْمُنْظَرِیْنَ ۟ۙ

සැබැවින්ම නුඹ කල් දෙනු ලැබූ අය අතරින් යැයි අල්ලාහ් පැවසීය. info
التفاسير:

external-link copy
81 : 38

اِلٰی یَوْمِ الْوَقْتِ الْمَعْلُوْمِ ۟

නුඹව විනාශ කිරීමට නියම කරන ලද නිශ්චිත වේලාවේ දිනය දක්වා. info
التفاسير:

external-link copy
82 : 38

قَالَ فَبِعِزَّتِكَ لَاُغْوِیَنَّهُمْ اَجْمَعِیْنَ ۟ۙ

"ඔබේ ශක්තිය හා ඔබේ බලාධිකාරයේ නාමයෙන් දිවුරා සිටිමි. සැබැවින්ම ආදම්ගේ දරුවන් සියලු දෙනා මම නොමග යවමි" යැයි ඉබ්ලීස් පැවසීය. info
التفاسير:

external-link copy
83 : 38

اِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِیْنَ ۟

නමුත් මාගේ නොමග හැරීමෙන් නුඹ රැකවරණය දුන් අය හැර. ඔබට පමණක් නමදින්නට මම ඔහු මුදා හරිමි. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• القياس والاجتهاد مع وجود النص الواضح مسلك باطل.
•පැහැදිලි මූලාශ්රයක් තිබියදී ‘කියාස්’ හෙවත් එකිනෙක සංසන්දනය කරමින් හා ‘ඉජ්තිහාද්’ හෙවත් පරිශීලනය කර බලා නීති සම්පාදනය කිරීම ව්යාජ ගමන් මගකි. info

• كفر إبليس كفر عناد وتكبر.
•ඉබ්ලීස්ගේ ප්රතික්ෂේපය මුරණ්ඩුකාර උඩඟු ප්රතික්ෂේපයකි. info

• من أخلصهم الله لعبادته من الخلق لا سبيل للشيطان عليهم.
•මැවීම් අතරින් තමන්ට නැමදුම් කිරීම සඳහා අල්ලාහ් තෝරා ගත් අය වනාහි ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට ෂෙයිතාන්ට කිසිදු මගක් නැත. info