വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള)

external-link copy
50 : 40

قَالُوْۤا اَوَلَمْ تَكُ تَاْتِیْكُمْ رُسُلُكُمْ بِالْبَیِّنٰتِ ؕ— قَالُوْا بَلٰی ؕ— قَالُوْا فَادْعُوْا ۚ— وَمَا دُعٰٓؤُا الْكٰفِرِیْنَ اِلَّا فِیْ ضَلٰلٍ ۟۠

නිරයේ භාරකරුවෝ දේව ප්රතික්ෂේපකයින්ට ප්රතිචාර දක්වමින්, ‘පැහැදිලි සාක්ෂි හා සාධක සමග නුඹලාගේ දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේද?’ යැයි විමසුවෝය. දේව ප්රතික්ෂේපකයෝ, ‘එසේය, ඔවුන් පැහැදිලි සංඥා හා සාධක සමග අප වෙත පැමිණියෝය.' යැයි පවසති. භාරකරුවෝ ඔවුනට උපාහාසත්මක ලෙසින්, ‘එසේ නම් නුඹලා ඇරයුම් කරනු. නමුත් අපි දේව ප්රතික්ෂේපකයින් වෙනුවෙන් මැදිහත් නොවන්නෙමු.' යැයි පැවසුවෝය. දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව නිෂ්ඵල අපතේ ගිය ප්රාර්ථානවක් මිස නොවීය. ඊට හේතු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගෙන් එය පිළිනොගන්නා බැවිණි. info
التفاسير:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• نصر الله لرسله وللمؤمنين سُنَّة إلهية ثابتة.
•අල්ලාහ් තම ධර්ම දූතවරුන්ට හා දේව විශ්වාසී ජනයාට උපකාර කිරීම ස්ථීර වූ දිව්ය පිළිවෙතයි. info

• اعتذار الظالم يوم القيامة لا ينفعه.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්හට ඔවුන් නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් වන්නේ නැත. info

• أهمية الصبر في مواجهة الباطل.
•නිෂ්ඵල හා ව්යාජ දෑ හි මුහුණ දීමේදී ඉවසීමේ වැදගත්කම. info

• دلالة خلق السماوات والأرض على البعث؛ لأن من خلق ما هو عظيم قادر على إعادة الحياة إلى ما دونه.
•අහස් හා මහ පොළොව මවා තිබීම යළි අවදි කරනු ලැබීමට සාධකයකි. ඊට හේතුව වඩාත් බලගතු දෙයක් මවන්නාට ඊට වඩා පහත් දෙයකට නැවත ජීවය ලබා දීමට බලය ඇති බැවිණි. info